ස්කොෂ් තරගාවලිය නිමයි.

 ‘ජාතික ස්කොෂ් ශුරතාවලිය -2017’ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමේ.
තරගාවලිය මෙවර පවත්වන ලද්දේ යුද්ධ හමුදාවේ අනුග්‍රහයෙනි.
අවසන් තරග 19 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දී පැවැත්විණ.
ජාතික තලයේ ස්කොෂ් ක්‍රීඩකයින් 100 කට අධික පිරිසක් දෙසැම්බර් 16 - 19 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති තරගවල දී සිය දස්කම් දක්වන ලදී.
ඉතිහාසයේ පළමු වරට රට තුළ ක්‍රීඩාවේ උන්නතිය සඳහා දිරිගැන්වීමක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඊට දායකත්වය දක්වා තිබේ.

ඉසව් 08 ක් යටතේ ශ්‍රී ලංකා ස්කොෂ් කමිටුව,ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් සහ යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සම්බන්ධීකරණයෙන් තරග පැවැත්විණ.

අවසන් තරගාවලියේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකයි.

සමස්ත තරගාවලියේ විවෘත පිරිමි සහ කාන්තා සූරතා රවිදු ලක්සරණ සහ මිහිලිය මෙත්සරණි හිමිකරගත් අතර, ක්‍රීඩාවට දිරිගැන්වීමක් වශයෙන් එක් අයෙකුට රුපියල් 50,000/= බැගින් වූ
මුදල් ත්‍යාග ඔවුන්ට ප්‍රදානය කෙරිණ.
ශ්‍රී ලංකා ස්කොෂ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එච්.ජී.ඉන්ද්‍රජිත් විද්‍යානන්ද, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, ජාතික ස්කොෂ් සංගමයේ සභාපති ගුවන් කොමදෝරු ඒ. අබේසේකර (විශ්‍රාමික), ජාතික ස්කොෂ් සංගමයේ ලේකම් කමාන්ඩර් ඩබ්.එස්.පි ජයවර්ධන (විශ්‍රාමික) තරගාවලියේ සංවිධායකයෝ වෙති.
 

ඡායාරූප - 

වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න