රයිගම් බණ්ඩි ෆුල් කරළියට

රයිගම් දෙවැනි බැත බන්ඩි ෆුල් ක‍ෂණික සහල් නූඩ්ල්ස් ‍වෙළෙඳපොලට හඳුන්වා දේ.

දෙසැම්බර් මස 19 වැනි දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී නව නිෂ්පාදනය ජනගත කෙරිණ. 

සීමාසහිත කිංග්ඩම් ඔෆ් රයිගම් ආයතනය මීට වසර 05 කට පෙර හඳුන්වා දුන් මුළුමනින් ම සහලින් සහ ජලයෙන් සුසැදි දෙවැනි බැත 05 වැනි සංවත්සරයට සමගාමී ව එය හඳුන්වා දෙන බව එහි සභාපති ආචාර්ය රවි ලියනගේ පැවසී ය.

නව හුරුබුහුටි නූඩ්ල්ස් ඇසුරුමේ එය පිළියෙල කරගැනීමට අවශ්‍ය කුළුබඩු, විජලනය කළ එළවළු,පදම්කාරක ආදී එක් අයෙකුට ප්‍රමාණවත් හා පහසුවෙන් සකසාගත හැකි සියල්ල  වන බව පැවසූ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගණක අමරසිංහ,එම්.එස්.ජී,කෘත්‍රිම රසකාරක සහ වර්ණක කිසිවකින් තොර ව,තරගකාරී ක‍ෂණික නූඩ්ල්ස්වලට වැඩි සෞඛ්‍යාරක‍ෂිතබවකින් රයිගම් බණ්ඩි ෆුල් සමන්විත බව පෙන්වා දේ.

බණ්ඩි ෆුල් ක‍්ෂණික සහල් නූඩ්ල්ස් රස වර්ග 6 කින් යුක්ත ය.
 චිකන්
 හොට් මසාලා චිකන්
 ඩෙවල් චිකන්
 චිකන් කොත්තු
 සී ෆුඩ්
 කරි

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1400775940051765

සංඛ අබේගුණසේකර
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න