සෙබළියගෙන් සූපවේදී පොතක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළියක් පොල් ආශ්‍රිත ආහාර වට්ටෝරු 54 කින් සමන්විත කෘතියක් එළි දක්වයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 6 (ස්වේච්ඡා) ලාන්ස් කෝප්‍රල් ජේ.සී.අයි නිෂාන්ති,‘කප්රුකෙන් නවතම කෑම වට්ටෝරු’නමින් එය සම්පාදනය කර තිබේ.

ඇය,එල්ලේ, කබඩි, රග්බි, ශාරීරික පුහුණුව, සූපවේදය, නව නිපැයුම් ආදි විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් දක්වා ඇත. 

නිශාන්ති, ජාතික වෘත්තීය සුදුසුකම් - IV මට්ටම (NVQ Level - IV) සමාර්ථය ලබමින් සූපවේදයට ද අවතීර්ණ වී තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් 2013 දී පවත්වන ලද ප්‍රදර්ශනයේ දී,යුද්ධ හමුදාව විසින් 2014, 2015 සහ 2016 යන වර්ෂවල පැවැත් වූ සූපවේදය පිළිබඳ ප්‍රදර්ශන ඇතුළු අදාල ප්‍රදර්ශන අවස්ථාවන්වල දී ඇය සිය කුසලතා මනා ව ප්‍රදර්ශනය කර ඇත.

ශ්‍රී ලංකා නව නිමැවුම්කරුවන්ගේ කොමිසම විසින් සති කිහිපයකට පෙර පැවැත් වූ ‘සහසක් නිමැවුම්’ ජාතික නව නිමැවුම් තරඟාවලියේ දී ඇය ප්‍රථම ස්ථානය දිනාගත්තේ,විදුලි යන්ත්‍රයක් භාවිතයෙන් පුවක් ගසේ කොළපත ආධාරයෙන් සෞඛ්‍යාරාක්ෂිත පිඟන් සහ බඳුන් නිර්මාණය කිරිම වෙනුවෙනි. එහි දී විදේශ තරඟ කිහිපයකට ද සහභාගිවීමට ඇය හට අවස්ථාව උදා වී තිබේ.

ඇයගෙන් යුද්ධ හමුදාවට ලබාගත හැකි සේවා වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයාදෙන ලෙසට යුද්ධ හමුදාපති ලුතිනන් කර්නල් මහේෂ් සේනානායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයට උපදෙස් ලබා දී ඇත.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1411208085675217

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න