මහා කිරිඅම්මාවරුන්ගේ දානයක්

පිළියන්දල,සුවාරපොළ,හැඩිගම ආසිරි මාවතේ ශ්‍රී ගම්භාර සිද්ධ සූනියම් කන්ද දේවාලයේ කිරි අම්මාවරුන්ගේ දානමය ශාන්තිකර්මය ජනවාරි 11 වැනි දා අළුයම එම දේවාල පරිශ්‍රයේ දී පැවැත් වේ.

එය කිරි අම්මාවරුන් 150 දෙනෙකු විෂයෙහි සිදුකිරීමට නියමිතයි.

රටට,ජාතියට,නව වසරට සෙත් පතා සියලු රටවාසීන්ට සත්පත්තිනි දේව මාතාවගේ අාශිර්වාදය ලබාදීම පින්කමෙහි අරමුණ බව දේවාලාධිකාරී,දේවගැති විශ්වශක්ති ගුප්තවිද්‍යාසූරී,මානව ප්‍රසාද ගෞරව අභිමානී, ටී.ධනුෂ්ක කාවින්ද ලියනගේ ලක්දනට පැවසී ය.

ඔහුගේ සංවිධායකත්වයෙන් සහ මූලිකත්වයෙන්,ගම්වාසීන් සහ දායක බැතිමතුන්ගේ දායකත්වයෙන් කිරි අම්මාවරුන්ගේ දානමය ශාන්තිකර්මය පැවැත්වීමට නියමිතයි.

උදා වූ 2018 නව වර්ෂයට ආශිර්වාද සහ සෙත් පතා 2017 දෙසැම්බර් 31 වැනි දා පස්වරුවේ පටන් රාත්‍රිය වනතුරු ශ්‍රී ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ගේ නානුමුර මංගල්‍යය සහ දේව දානය ද විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් එම පරිශ්‍රයේ සංවිධාන කර තිබිණ.

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න