කතරගම කලහය නිවෙයි..

කතරගම ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

එම නගරයේ 20 වැනි දා රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමට විරෝධය පළ කරමින් 21 වැනි දා අදාල විරෝධතාව සංවිධාන කර තිබූ බව පොලීසිය කියයි.

විරෝධතාවේ දී මාර්ග අවහිර කිරීම්,මාර්ගයට අලාභහානි සිදුකිරීම්,පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම් සහ ඔවුන්ට පහර දී තුවාල සිදුකිරීම් සිදු කළ කාන්තාවන් 13 දෙනෙකු හා පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට පත් ව ඇත.

ඔවුන් 21 වැනි දා පස්වරුවේ තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර,විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

පොලීසිය පවසන්නේ මේ වනවිට ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බව ය.

වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න