උතුරේ ක්‍රිකට් වසන්තය

උතුරු පළාතේ සමාරම්භක​ විස්සයි විස්ස තරගාවලිය සාර්ථක ව නිම වේ.
එහි අවසන් මහා තරග ජනවාරි 13 සහ 14 දෙදින වව්නියාව නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන ආකාශ් සමූහය උතුරේ ක්‍රීඩාවට ළැදි පිරිස් වෙනුවෙන් එය සංවිධාන කරන ලදී.
ආකාශ් ශුරයින්ගේ කුසලානය සඳහා කණ්ඩායම් 32 ක් තරග වැදුණු අතර එහි දී සූරතාව,අනුසූරතාව, අවසන් තරගයේ වීරයා, තරගාවලියේ වීරයා, හොඳ ම පන්දු යවන්නා සහ හොඳ ම පිතිකරු ත්‍යාග ලැබූ හ. 
අවසන් පූර්ව තරඟ ජනවාරි 13 වැනි දා, වවුනියාව පොලිස් කණ්ඩායම සහ කලෙයිමගල් කණ්ඩායම අතර හා ශාන්ත ජෝශප් ක්‍රීඩා සමාජය හා යුනිෆයිඩ් ක්‍රීඩා සමාජය අතර පැවැත්විණි. එහි දී  තරගයේ ලකුණු සම වූ බැවින් අනතුරුව පැවති සුපිරි පන්දුවාරයේ දී තම ජයග්‍රහණය තහවුරු කරගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය. 

දෙවැනි අවසන් පුර්ව තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් යුනිෆයිඩ් ක්‍රීඩා සමාජය කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 140ක දැවැන්ත ඉලක්කයක් ශාන්ත ජෝශප් කණ්ඩායමට ලබාදුන් අතර එයට පිළිතුරු ලෙස ශාන්ත ජෝශප් කණ්ඩායමට රැස් කරගත්තේ කඩුළු 7 කට ලකුණු 97ක් පමණි.

අවසන් තරග 14 වැනි දා පැවති අතර අවසන් තරගයට ප්‍රථම ආකාශ් සමුහයේ සේවකයන්ගේ කණ්ඩායම සහ වැදි ජනයාගේ කණ්ඩායම අතර සුහද තරගයක් පැවැත්විණි.

එහිදී ආකාශ් කණ්ඩායම, සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ එස්. රාම්සුබ්‍රමනියන්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කළේ ය.
වැදි ජනයාගේ කණ්ඩායම ලකුණු 60 පන්දුවාර 6 කදී ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළ අතර ආකාශ් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 55ක් පමණි.

අවසාන මහා තරගයේ දී පොලිස් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 187ක ඉලක්කයක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන්නේ ය.  යුනිෆයිඩ් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 142ක් රැස් කළ හ.
පොලිස් කණ්ඩායම ජයග්‍රාහි සූරතා කුසලානය සහ රුපියල් ලක්ෂ 03 ක ත්‍යාග මුදල දිනාගත් අතර, ලක්ෂයක ත්‍යාග මුදල සහ අනුශුරතාව යුනිෆයිඩ් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

තරගයේ වීරයා ලෙස පොලිස් කණ්ඩායමේ නිශාන්ත සම්මාන තේරී පත් වූ අතර, හොඳ ම පන්දු යවන්නා ලෙස පොලිස් කණ්ඩායමේ විජයලත් ත්‍යාග ලැබී ය.
තරඟාවලියේ වීරයා සහ හොඳ ම පිතිකරු වූයේ යුනිෆයිඩ් කණ්ඩායමේ රුශාන්තන් විසිනි.

වන්නි ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහභාගි විය.

වන්නි දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ​ පොලිස් අධිකාරි T. M. N. S. තෙන්නකෝන්, වන්නි දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරි පියසිරි ප්‍රනාන්දු සහ වවුනියාව මහින්ද විලොආරච්චි ද ඊට එක් වූ හ.

අාකාෂ් සමුහය ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාව, හොංකොං, සිංගප්පුරුව, මැඩගස්කර් ඇතුළු රටවල් 6 ක සිය ව්‍යාපාර පවත්වාගෙන යයි.

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1434636196665739

වරුණ සිරිනාග
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න