බෙල්ලන්විල හිමියෝ නිවනට..

ඓතිහාසික ඛෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ නිවන් පුර වඩිති.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය 08 වැනි දා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව පැවැත්විණ. 

ආගමික නායකයින් සහ පූජ්‍ය පූජක උතුමන්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන්, සම්භාවනීය අමුත්තන්,දායක දායිකාවන් ඇතුළු විශාල ජනකායක් උන්වහන්සේට අවසන් බුහුමන් දැක්වීමට පැමිණෙන ලදී. 

අනු නාහිමියෝ ඉකුත් දා සිය විහාරස්ථානයේ දී හදිසි අනතුරකින් අපවත් වූ හ.

 

ඡායාරූප - https://www.facebook.com/lakdana/posts/1448056168657075

ආර්යනා විජේතිලක
වැඩිදුර තොරතුරු යවන්න

ඔබේ අදහස දක්වන්න