අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකාය අමතන්න.

අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩ ව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම් පිණිස වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරලියගහ මන්දිරයේ ස්ථාපිත කෙරේ. පහත සදහන් දුරකතන අංක අමතා ජනාධිපති කාර්යය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමග ජනතාවට සම්බන්ධ විය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. දුරකතන අංක – 0114354854 0114733600 සෘජු දුරකතන අංක – 0113456200 0113456201 0113456202 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගෙවතු වගාව අරඹමු!

අනාගත ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත් ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමට වහා ම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාල නිලධාරීන්ට උපදෙස් දෙයි. ඊට සමගාමී ව ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කරන බව 27 වැනි දා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගෝලීය ත්‍රස්තවාදය දැඩි අභියෝගයක්

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම විශාල අභියෝගයක් බවත්, එය පරාජය කිරීම සඳහා බුද්ධි තොරතුරු හා තාක්‍ෂණය හුවමාරු කරගනිමින් ජාත්‍යන්තර වශයෙන් සියලු රටවල් එකට එක්විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 07 වැනි දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා පවතින නීති රාමුව ද ශක්තිමත් කළ යුතු බව පෙන්වා දෙන ඔහු ඒ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගමැති බුර්කාවට එකඟ නෑ

ඉස්ලාම් භක්තික කාන්තාවන් භාවිත කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විරුද්ධ වූ බවට පළ වන ප්‍රවෘත්තිය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව 28 වැනි දා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. ඉහත ප්‍රවෘත්තිය මගින් අග්‍රාමාත්‍ය රනිල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බ්‍රිතාන්‍යයෙන්, පාකිස්ථානයෙන් සහාය

තමන් වරෙක මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු ව ඇති බවත්, ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බවත් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පැවසුවා ය. ඒ 23 වැනි දා රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුරකතනය ඔස්සේ අමතමිනි. විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් ඇයට අග්‍රාමාත්‍යවරයා සිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මෛත්‍රී,රනිල් ඉවත් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු වෙත ලිපියක් යොමු කරමින් කියා සිටී. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවප්‍රකාර ඔහුගේ අගමැතිධුරයේ පත්වීම් බලධාරියා ලෙස තමා කටයුතු කළ බව එහි සඳහන් වේ. අදාල බලතලප්‍රකාර වහා ම ක්‍රියාත්මක වන පරිදි වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කළ බව 26 වැනි දා ජනාධිපති ලේකම්වරයා මගින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව අගමැති මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිවුරුම් දේ. ඔහු 26 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස්පතිට අස්වෙන්න කිව්වෙ නෑ..

පොලිස්පතිවරයා හට ඉල්ලා අස්වන මෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි සඳහන් මාධ්‍ය වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. සැප්තැම්බර් 20 වැනි දා පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කාර්යාලය ඒ බව දන්වා තිබේ. එදින පෙරවරුවේ ඇතැම් මාධ්‍ය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයි ප්‍රචාරය කර තිබිණ. අගමැති කාර්යාලයේ අදාල ලිපිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න