පාස්කු ප්‍රහාරයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසන්නේ මැයි 03 වැනි දා පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් ගෙන්වා සිය අන්තවාදී මතවාද ප්‍රචාරය කිරීම පිණිස පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන මගින් අනාවරණ වී ඇත. ඔහු කල්පිටිය 04 වැනි හරස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශන දැඩි ව..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු ව ශ්‍රී ලංකා පොලීසිය විසින් විමර්ශන රැසක් දැනටමත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි. ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ද අදාල විමර්ශන සිදු කරමින් පවතින අතර, මේ වනවිට සැකකරුවන් 119 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් ව ඇත. ඉන් 40 දෙනෙකු රඳවාගැනීමේ නියෝග මත ප්‍රශ්න කෙරෙමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇඳිරිනීති බලපතත් අරන් නිදන් හාරලා

ඇඳිරි නීති බලපතක් භාවිත කරමින් නිදන් හෑරූ පිරිසක් නාවුක හමුදා භාරයට පත් වේ. පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එසේ නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට පත් ව ඇත. රට තුළ පවතින ඇඳිරි නීති වතාවරණය තුළ සූක්‍ෂම අයුරින් සිදු කරන ජාවාරම් මැඩපැවැත්වීමට නාවුක හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටි. අප්‍රේල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට

කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනේ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට චෝදනාව මත අප්‍රේල් 05 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය සිය භාරයට ගෙන ඇත. වාද්දුවේ දී අත්අඩංගුවට පත් ඇය එදින ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අප්‍රේල් 09 වැනි දා රක්ෂිත බන්ධනාගාරගත කළ බව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සමාජ ජාලාවල අසත්‍ය තොරතුරක්

අප්‍රේල් 10 වැනි දා සිට 15 වැනි දා දක්වා ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම වසා දමන බවට ( ලොක්ඩවුන් ) සමාජ ජාලාවන් හි පැතිර යන පුවත අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. අදාල කාලය තුළ නීතිය දැඩි ව ක්‍රියාත්මක වෙමින් සියලු වෙළෙඳසැල් වසා, ආහාරපාන සැපයුම් නවතා, වෙළෙඳසැල් ද වසා තිබෙන බව එවන් ප්‍රචාර මගින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් අණ නොතැකූ රියකට වෙඩි

ඇඳිරි නීතිය නොතකා ධාවනය කළ මෝටර් රියකට වෙඩි තැබීමෙන් 03 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. ඉකුත් 02 වැනි දා රාත්‍රියේ එගොඩඋයන, මෝදර අළුත් පාලම අසල පොලිස් මාර්ග බාධකයේ දී අදාල රිය අණ නොතකා පලා ගොස් ඇත. රථයේ 04 දෙනෙකු ගමන් ගනෙ ඇති අතර, ඉන් රියැදුරු ඇතුළු 03 දෙනෙක් තුවාල ලබා තිබේ. ඉන් 02 දෙනෙකු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලියාපදිංචිවීමට අවසන් අවස්ථාව..

මාර්තු 16 වැනි දා හෝ ඊට පසුදිනක විදේශයක සිට දිවයිනට පැමිණ ලියාපදිංචි නොවූ අයෙක් වෙතොත් 2020 අප්‍රේල් මස 01 වැනි දා දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. එසේ නොවුණහොත් ඔවුන් අපරාධ නීතිය හෝ නිරෝධායන නීතිය මගින් අත්අඩංගුවට ගන්නා බව හෙතෙම අවධාරණය කරයි. ඒ මාර්තු 30 වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇඳිරි නීතියට එරෙහි වන්නන්ට නීතිය තදින් ම

ඇඳිරි නීතිය කඩ කරන්නන් සම්බන්ධයෙන් නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බවට පොලිස් මූලස්ථානය අවධාරණය කරයි. මාර්තු 31 වැනි දා දහවල් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව දන්වා ඇත. සිය සේවා හැඳුනුම්පත ඇඳිරිනීති බලපතක් ලෙස භාවිත කිරීමට අවසර ලද පුද්ගලයින් හා අදාල වාහන හැර කිසිදු වාහනයක් හෝ පුද්ගලයෙකු මහමග හෝ අතුරුමාර්ගවල ගමන් කිරීම සපුරා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිල තොරතුරු පමණක් පිළිගන්න!

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ නිල තොරතුරු පමණක් විශ්වාස කරන මෙන් පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී. අදාල තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හෝ කොරෝනා මර්ධන ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් පමණක් නිල වශයෙන් දැනුම් දෙනු ලැබේ. එබැවින් ඒ හැර වෙනත් අයුරකින් සමාජ මාධ්‍ය ජාලා මගින් හෝ ප්‍රචාරය වන තොරතුරු විශ්වසනීය ම බවට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ෆේස්බුක් මගින් බොරු කී 02 දෙනෙක් අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ ජාලය හරහා අසත්‍ය තොරතුරු සන්නිවේදනය කළ 02 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශරීරගත වී ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට හා කොරෝනා වෛරසය පිළිබඳ තවත් අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳ සිදු කළ විමර්ශන මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සැකකරුවන් මාර්තු 16 වැනි දා රාගම සහ බණ්ඩාරගම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න