රණවිරුවන් වෙනුවෙන් පහනක් දල්වන්න!

වසර 30 ක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය මුලනුපුටා දමා මැයි මස 19 වැනි දිනය වස 10 ක් සපිරේ. ඒ වෙනුවෙන් දසවර්ෂාභිෂේක නමින් විශේෂ වැඩසටහනක් සංවිධාන කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි. ජාතිය වෙනුවෙන් සිය උත්තම ජීවිත පුද කළ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහි කිරීම පිණිස එදින රාත්‍රී 07.00 ට දිවයින පුරා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රස්ත සැකකරුවන් 85 ක් අත්අඩංගුවේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී දව‍සේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කරමින්.. වයඹ පළාතේ කුරුණෑගල, හලාවත, කුලියාපිටිය ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වූ සැකකරුවන් 78 ක් බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන්ගේ රැකියා ස්ථානවලට ද අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තොරතුරු ලබා දී තිබෙනවා. පවතින වීඩියෝ දර්ශන ආදිය උපකාරී කර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රිවිධ හමුදා ගැන විශ්වාසය තියන්න!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මැයි මස 13 වැනි දා ජනතාව වෙනුවෙන් කළ විශේෂ ප්‍රකාශය – 2019 අප්‍රේල් මස 21 වන දින IS ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රගාරවලින් පසුව මේ දක්වා කාලය තුළ ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත්, විශේෂ කාර්ය බලකායත් එකතුව අපේ බුද්ධි අංශයත් සමඟ කරන ලද ක්‍රියාන්විතවල දි ඒ ප්‍රහාර සඳහා සම්බන්ධ වූත්, ඒකට උදවු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැඩ බලන ආරක්ෂක ඇමති

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කෙරේ. ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 13 වැනි දා පෙරවරුවේ විදෙස්ගත වීම හේතුවෙන් වැඩ බලන අමාත්‍යවරයා පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 13 වැනි දා නිවේදනය කළේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මාධ්‍ය වාරණයක් නෑ..

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු අන්දමක මාධ්‍ය වාරණයක් පනවා නැතැයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. රටේ දෛනික ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිණිස ඉකුත් දා දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමක් පැවති බවත්, එහි දී තහවුරු කරගත් තොරතුරු පමණක් සන්නිවේදනයට අදාල ප්‍රධානීන් එකඟතාවක් ඇති කරගත් බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රිවිධ හමුදා, පොලිස් ඒකාබද්ධ මූලස්ථානයක්

ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් ස්ථාපනය කෙරේ. බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු යුද්ධ, නාවුක, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විත සඳහා අදාල ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය – කොළඹ යටතට පත්කර ඇතැයි යුද්ධ හමුදා මූලස්ථානය 29 වැනි දා පස්වරුවේ නිවේදනය කරයි. බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හිටපු පොලිස්පතිට උපදේශක තනතුරක්

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස පත් කෙරේ. ඔහු 29 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ආරක්ෂක ලේකම්

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) පත් කෙරේ. ඔහු 29 වැනි දා දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මෙත්සෙවණ නිවාස ප්‍රදාන ඇරඹේ..

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවුක පුද්ගලයින් 46 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කෙරේ. ඒ අප්‍රේල් 26 වැනි දා කොළඹ නාවුක හමුදා මූලස්ථානයේදී ය. 2019 වර්ෂයේ පළමු අදියර යටතේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුද කළ, ආබාධිත ව විශ්‍රාම ලබා සිටින සහ ආබාධිතව සක්‍රීය සේවයේ නියුතු ඔවුන් සඳහා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනේ

පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජනරාල් ඉක්‍රම් උල් හක් (විශ්‍රාමික) ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න හමු වේ. ඔක්තෝබර් 03 වැනි දා දෙපළ අතර හමුව ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විණ. දෙපළ අතර සුහල ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවති බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි. පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිස මෙහි පැමිණ ඇත්තේ 05 වැනි වරටත් පැවැත්වෙන පාකිස්ථාන – […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න