එක ම විකල්පය රට යළි ගොඩනැංවීමයි.

යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ් -19 වසංගතයෙන් පසු ලංකාව – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිකුත් කළ විශේෂ නිවේදනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් විය. 2006-2009 යුද සමයේ වසරකට 6% ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4% දක්වා වැඩිවිය. 2005 දී දළ ජාතික […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බැසිල් ඉවත් කර නව කමිටුවක් පිහිටුවන්න!

රජය විසින් ජුනි මාසය සඳහා ජනතාවට සහන පිණිස ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීම අත්හිටුවීම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ විවේචනයට ලක් වේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන එය නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ප්‍රකාශ කළ බවත්, එය සාහසික අපරාධයක් බවත් ඔහු පැවසී ය. අදාල සහන මුදල් ගෙවීමට රජය සතු ව මුදල් නොමැති බවටත්, මැතිවරණ කොමිසම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජයසුන්දර, රාජපක්ෂ පවුල සහ රාජ්‍ය මුල්‍ය අර්බුදය

පවතින ආර්ථික හා රාජ්‍ය මුල්‍ය අර්බුදයට වගකිවයුත්තෙකු ලෙස රාජපක්ෂ පවුලට හෝ ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිසේත්ම අයිතියක් හෝ සදාචාරයක් නැතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. “ඩොක්ටර් ජයසුන්දර” ආර්ථිකයේ මෙන්ම රාජපක්ෂ පවුලේ සෞභාග්‍යයේ මාවතේ නියමුවා මෙන්ම ගැලවුම්කරුවා ය. එහෙයින් පී.බී. ජයසුන්දර මහතා මේ ඉදිරිපත් කරන්නේ ඔහුගේ පුද්ගලික මතයක් නොව, මහින්ද – ගෝඨාභය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චීන සහාය තවදුරටත්

පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට සහායවීමට සූදානම් බව චීනය පවසයි. “ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගුකාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”,යැයි ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු ප්‍රකාශ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආර්ථිකය හා දරිද්‍රතාව වෙනුවෙන් කාර්යයසාධන බලකායක්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් පිහිටු වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර එය ස්ථාපනය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. ලොව පුරා ව්‍යප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආර්ථිකය පණගැන්වීමේ වැඩසටහනක්

ආර්ථික පුනරුද උපාය මාර්ගය එළඹෙන සති අන්තයේ ප්‍රකාශයට පත් කෙරේ. කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ අදාල වැඩපිළිවෙල ඊට අන්තර්ගත බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දේශීය ආර්ථිකය පළාත් මට්ටමින් විමසුමට

දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව විමසා බැලේ. ඒ පිළිබඳ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 15 වැනි දා දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳ එහි දී ජනාධිපතිවරයා දැනුවත් කළ හ. පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත, ආයතන, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ණය සීමාව වැඩි කරන්න!

COVID-19 වෛරසය සමඟ සටන් කිරීම සඳහා රටේ ණය ලබාගැනීමේ සීමාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි. අප්‍රේල් 08 වැනි දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා විශේෂ පාර්ලිමේන්තු යෝජනාවක් ඉදිරිපත් කරන මෙන් හෙතෙම රජයෙන් ඉල්ලා සිටී. හිටපු මුදල් අමාත්‍යවරයාගේ අදාල ප්‍රකාශය – COVID-19 ට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එළවළු,පලතුරු බෙදාහැරීමට නව ක්‍රමවේදයක්

ආර්ථික මධ්‍යස්ථාන මගින් එළවළු, පළතුරු ඇතුළු දේශීය ආහාර ද්‍රව්‍ය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් බෙදාහැරීම සඳහා නව ක්‍රමවේදයක් සැකසේ. අත්‍යවශ්‍ය සේවා ලබාගැනීම තහවුරු කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක එළවළු හා පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබද අනු කමිටුව මගින් දැනට ක්‍රියාත්මක යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණයි. අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පුද්ගලික අංශය ගැනත් සිතන්න!

කොරෝනා වෛරසයෙන් පීඩිත ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳිමට ඉඩ නොතබන මෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. රජයේ හා සංස්ථා සේවකයින් හට, විශ්‍රාමිකයින්ට හා සමෘද්ධිලාභීන්ට වැටුප් හා දීමනා ලැබුණ ද පුද්ගලික අංශයට සහ ස්වයංරැකියා, දෛනික ආදායම් ලබන පිරිසට එසේ නොවන බව හෙතෙම පෙන්වා දේ. ලෝකයේ වෙනත් රටවල පුද්ගලික අංශයේ සේවක […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න