යුද හමුදාවෙන් වසවිසෙන් තොර සහල්

‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියෙන් අස්වැද්දූ කුඹුරුවල සහල් තොග යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිභෝජනයට පිරි නැමේ. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමී ව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යය යථාර්තයක් බවට පත් කරමින් යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට…

වත්මන් ජීවන වියදම සහ කොවිඩ් -19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ. බදු ඉවත් කිරීම හේතුවෙන් 2020 ඔක්තෝබර් 13 වැනි දා රාත්‍රියේ පටන් පාරිභෝගිකයින් හට ටින් මාළු (ලොකු) රුපියල් 200 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීතිවිරෝධී කහ තොගයක්

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් සමග සැකකරුවන් පිරිසක් නාවුක හමුදා භාරයට ගැනේ.‍ හලාවත තුඩුවේ සිට නාවුක සැතපුම් 10 ක් පමණ (කිලෝමීටර් 18 ක් පමණ) දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේ දී එහි තිබී අදාල කහ තොගය සමඟ සැකකරුවන් 04 දෙනෙක් සහ ට්‍රෝලර් යාත්‍රාවක් 2020 අගෝස්තු 11 වැනි දා එසේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගම්මිරිස්වලට හිමි තැන දෙන්න!

පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉලක්කයක් පිරිනමයි. වසර 2015 ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබුණ ද මේ වනවිට අදාල මිල රුපියල් 450ත් – 500ත් දක්වා පහත වැටී තිබේ. අමු ගම්මිරිස් කිලෝවකට ලැබෙනුයේ රුපියල් 150 ත්- 175 ත් අතර මිලකි. එසේ පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැඩි මිලට පොහොර විකිණීම තහනම්!

සහනාධාර පොහොර අක්‍රමිකතා සම්බන්ධයෙන් ඕනෑ ම පුද්ගලයෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොහොර ලේකම් කාර්යාලය කියයි. එවන් සියලු වරදට පොදු දේපල පනත යටතේ දඬුවම් කළ හැකි වේ. එබැවින් නියමිත මිලට වැඩියෙන් පොහොර අලෙවි කරන නියෝජිතයන් වෙතොත් පොහොර ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශයේ පහත දුරකතන අංක වෙත දැනුම් දෙන්නැයි කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මම්පිල විශේෂ නිවේදනයක් නිකුත් කරමින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජංගම ‌‌වෙළෙඳුන්ට උපදෙස් මාලාවක්

ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන ජංගම වෙළෙඳුන් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් ශ්‍රී ලංකා පොලීසිය හඳුන්වා දේ. ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් නිවසේ වෙසෙන ජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මේ වනවිට සැපයෙන්නේ ජංගම වෙළෙඳුන් මගිනි. එහෙත් ඇතැම් වෙළෙඳුන් සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමින් සිය කටයුතු සිදුකිරීම හේතුවෙන් ඔවුන් මගින් කොරෝනා ව්‍යප්තවීමේ අවදානමක් මතු ව ඇත. ඒ් ‌‌හේතු‌වෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ත්‍රිපෝෂ බෙදාදීමට විශේෂ ක්‍රමවේදයක්

ගර්භණී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැරසේ. COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍ යසහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇතැයි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පෑලියගොඩ තොග වෙළෙඳාම පමණයි!

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කටයුතු තොග වෙළෙඳාමට පමණක් සීමා කෙරේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය පාලනය පිණිස එහි සිල්ලර වෙළෙඳාම තාවකාලික ව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. මධ්‍යස්ථානයේ මහජනතාව ගැවසීම අවම කරගැනීම පිණිස එම පියවරට එළඹ ඇත. එබැවින් සිල්ලර වෙළෙඳ කටයුතු සඳහා හෝ මාළු සිල්ලරට මිල දී ගැනීමට එහි පැමිණීමෙන් වලකින ලෙස […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

චතුරගෙන් ප්‍රජා සේවාවක්

කොරෝනාවෙන් අසරණ වූ දෙවිනුවර ජනතාවට දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චතුර ගලප්පත්ති සහනාධාර පිරිනමයි. එදිනෙදා රැකියා මගින් දිවි සරිකරගන්නා ජනතාව බොහොමයක් මාසයක පමණ කාලයක තිස්සේ දැඩි අපහසුතාවන්ට පත් ව සිටින අතර, රජය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට ක්‍රියාකරමින් තිබුණ ද එය ද ප්‍රදේශ රැසක දේශපාලනීකරණයව ඇති බවට චෝදනා පවතී. එවන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

භාණ්ඩ රැසක් ආනයනය තාවකාලික ව නවතී.

හඳුනාගත් භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ව සීමා කෙරේ. ආනයන හා අපනයන පාලක පනතේ රෙගුලාසි 2171/5 දරන 2020 අප්‍රේල් 16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඒ පිළිබඳ ප්‍රසිද්ධ කර ඇතැයි ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න කියයි. ඒ අනුව බාස්මතී හැර වෙනත් සහල් වර්ග, රටකජු ඇතුළු කෘෂි නිෂ්පාදන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න