දෘෂ්‍යාබාධිත පිරිසකට අත්‍යවශ්‍ය ආහාර

උද්ගත වී ඇති ඇඳිරි නීති තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආහාරපාන සපයාගැනීමට නොහැකි දෘෂ්‍යාබාධිත පිරිසකට වියළි ආහාර පිරිනැමේ. වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමයේ සාමාජික පවුල් සඳහා අදාල වැඩපිළිවෙල සංවිධාන කර තිබුණේ නිරෝධායන ක්‍රියාවලියට අනුගතව ය. වියළි ආහාර පාර්සල් බෙදාදීම මාර්තු 31 වැනි දා පෙරවරුවේ කුරුඳුවත්ත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි. ජ්‍යෙෂ්ධ නියෝජ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වෛරසය ආසාදිතයන්ගේ තත්ත්වය

මේ වනවිට ත්‍රිවිධ හමුදා යටතේ පවත්නා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිට ව ගොස් ඇති පිරිස 2118 ක් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. දියතලාව සහ දම්මින්න නිරෝධායන මධ්‍යස්ථාන තුළ දින 14 ක් නිරෝධායනයට ලක් වූ 96 දෙනෙකු අප්‍රේල් 01 වැනි දා සිය නිවාස කරා පිටත් ව ගොස් තිබේ. ඉන් 86 දෙනෙකු දම්මින්න සහ 10 දෙනෙක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විශ්‍රාම වැටුප් ලබාගැනීමට දින 03 ක්

විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා දින 03 ක් වෙන් කෙරේ. අප්‍රේල් 02, 03 සහ 06 වැනි දා අදාල කටයුතු සිදු කෙරෙන අතර, අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. අදාල දිනවල දිවයිනේ සියලු ඔසුසැල් ( ෆාමසි ) විවෘත කර තැබීමට ද පියවර ගැනේ. ඒ සඳහා සියලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නයිනතිවු දූපතට අත්‍යවශ්‍ය ආහාර

නයනතිවු දූපතේ වෙසෙන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර රැගෙන යාමට නාවුක හමුදාව සහාය වේ. මාර්තු 31 වැනි දා අදාල ප්‍රදාන සිදු කෙරිණි. සතොස වෙළෙඳසැල් මගින් නයනතිව් දූපත්වාසි ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට කටයුතු යොදා තිබිණ. නාවුක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවුක විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ උතුරු නාවුක විධානයට අනුයුක්ත නාවුක පුද්ගලයින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇඳිරි නීතිය පැනවීමේ නවත ම තත්ත්වය

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු අඛණ්ඩ ව ක්‍රියාත්මකයි. සෙසු සියලු දිස්ත්‍රික්වල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 01 වැනි දා පෙරවරු 6.00 ට ලිහිල් කළ අතර, යළි පස්වරු 2.00ට පනවනු ලැබේ. අනතුරුව එය අප්‍රේල් 06, සඳුදා පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය කියයි. එදින ම, එනම් අප්‍රේල් 06 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අනියම් මනුෂ්‍ය ඝාතනයෙන් වළකින්න!

වැඩ බලන පොලිස්පතිවරයා විසින් මාර්තු 31 වැනි දා කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රිියාත්මක කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. එහි දී කොළඹ නගරයට පිවිසෙන ස්ථාන 16 ක් ආවරණය කරමින් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පොලිස් මාර්ග බාධක යෙදූ බව ඔහු පෙන්වා දේ. කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම පිණිස අත්‍යවශ්‍ය සේවා සඳහා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඉදිරි ඇඳිරි නීති තත්ත්වය

කොරෝනා වෛරස ව්‍යප්තිය අනුව ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු බල පැවැත් වේ. සෙසු සියලු දිස්ත්‍රික්වල පනවා ඇති ඇඳිරී නීතිය, අප්‍රේල් 01 වැනි බදාදා පෙරවරු 6.00ට ඉවත් කර දහවල් 2.00ට යළි පනවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. අත්‍යවශ්‍ය සේවා හැර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇඳිරි නීතිය කඩ කළ 03 දෙනෙක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 03 දෙනෙක් නාවුක හමුදා භාරයට ගැනේ. මාර්තු 29 වැනි දා ආරුගම්බේ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී ඔවුන් සිය භාරයට ගත් බව නාවුක හමුදාව කියයි. රට තුළ පවතින ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීම සහ මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා දිවයිනට ම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ගිනිකොණ නාවුක විධානයට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ලියාපදිංචිවීමට අවසන් අවස්ථාව..

මාර්තු 16 වැනි දා හෝ ඊට පසුදිනක විදේශයක සිට දිවයිනට පැමිණ ලියාපදිංචි නොවූ අයෙක් වෙතොත් 2020 අප්‍රේල් මස 01 වැනි දා දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. එසේ නොවුණහොත් ඔවුන් අපරාධ නීතිය හෝ නිරෝධායන නීතිය මගින් අත්අඩංගුවට ගන්නා බව හෙතෙම අවධාරණය කරයි. ඒ මාර්තු 30 වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා පාලනයට හමුදා දායකත්වය

ත්‍රිවිධ හමුදා යටතේ පවත්වාගෙන යන නිරෝධායන කඳවුරුවලින් මේ වනවිට පුද්ගලයින් 1700 දෙනෙකු පිට ව ගොස් ඇතැයි වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියයි. ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ වන පූනානි සහ දියතලාව නිරෝධායන කඳවුරුවල විසූ 134 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු අවසානයේ 30 වැනි දා සිය නිවාස කරා පිටත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න