හුදකලා කිරීම් යාවත්කාලීන වේ.

පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යාම , ඉවත් කිරීම සහ අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලීන කරනු ලබන බව කොමිස 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ. *කොළඹ දිස්ත්‍රික්කය 01. දෙසැම්බර් 07 දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ •බලුමැන්ඩල් පොලිස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සවුදි රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම ආරම්භ වේ.

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් නොවැම්බර් 27 රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව ඇත. 180 දෙනෙකුගෙන් යුත් මුළු කණ්ඩායමේ පලමු ශ්‍රමික පිරිස ලෙස මොවුන් විදේශගත වන අතර සවුදි රාජ්‍යයේ හෝටල් ක්ෂේත්‍රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෞඛ්‍ය සේවකයින්ට මුව ආවරණ

කොවිඩ් වෛරසයෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩල ආරක්ෂාවට මෙරට පෞද්ගලික ආයතනයක් රුපියල් මිලියන 02 ක් වටිනා KN95 මුව ආවරණ පරිත්‍යාග කරයි. කොවිඩ්-19 වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා අවදානම ද නොතකා සෞඛ්‍ය සේවා සපයන සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අදාල ප්‍රදානය “ලකී ඉන්ඩස්ට්‍රීස්” කර්මාන්ත ආයතනය විසින් පිරිනමා තිබේ. මෙම ආරක්ෂිත මුව ආවරණ පරිත්‍යාගය සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් මරණ 03 ක්

කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යයි. නොවැම්බර් 23 වැනි දා මරණ 03 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ නැංවී තිබේ. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. හෙයියන්තුඩුවේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක වන අතර නොවැම්බර් 22 වැනි දා අයිඩීඑච් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ 87 ක්

කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි. නොවැම්බර් 22 වැනි දා මරණ 04 ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේ ය. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ නැංවී තිබේ. අදාල මරණ පිළිබඳ තොරතුරු – 01. කොළඹ 15 පදිංචි 70 හැවිරිදි කාන්තාවක වන අතර නොවැම්බර් 21 වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කුරුණෑගල තැපැල් සේවා නවතී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලික ව අත්හිටුවේ. තැපැල්පති රංජිත් ආරියරත්න නිවේදනය කරන්නේ කුරුණෑගල ප්‍රදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ සහ ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය ඊට හේතුව බවයි. එබැවින් සෞඛ්‍ය අංශවල උපදෙස් මත දිස්ත්‍රික්කයේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට නියමිත ය. ඒ අනුව දිස්ත්‍රික්කය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කාර්යාල දුම්රිය සේවා ඇරඹේ.

නොවැම්බර් 23 වැනි දා සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයේ යෙදවෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පෙරවරු හා පස්වරු කාර්යාල දුම්රිය එසේ ධාවනය වන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. පී. සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ය. අදාල දුම්රිය හුදෙකලා ප්‍රදේශ ලෙස කම් කර ඇති ප්‍රදේශවලට අයත් දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කෙරේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෞඛ්‍යාරක්ෂිත ව පාසල් ඇරඹෙනවා..

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශ්වවල සහාය අවශ්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි. දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී. රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ අවදානම ඉහළ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දිස්ත්‍රික් 03 ක හුදෙකලා ප්‍රදේශ

නොවැම්බර් 23 වැනි දා අළුයම 05.00 සිට දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් නිදහස් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, බොරැල්ල (වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම හැර) වැල්ලම්පිටිය කොළඹ කොටුව කොම්පඤ්ඤවීදිය (වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හැර) සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත රාගම නිදහස් කෙරෙනු ඇත. තවදුරටත් හුදෙකලා ප්‍රදේශ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් 16000 ඉක්මවයි.

නොවැම්බර් 21 වැනි දා නව කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකු වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි. ඒ සමග අදාල පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 16252 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න