වැඩ බලන ආරක්ෂක ඇමති

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කෙරේ. ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 13 වැනි දා පෙරවරුවේ විදෙස්ගත වීම හේතුවෙන් වැඩ බලන අමාත්‍යවරයා පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 13 වැනි දා නිවේදනය කළේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යෝජිත ජාතික ආණ්ඩු අදහසට මං විරුද්ධයි – ජනපති

නිදහස යන්නෙහි අන්තර්ගත පුළුල් සංකල්පය මනා ව අවබෝධ කරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලා සිටී. වගකිවයුත්තන් කවුරුන් වුව ද දසක කිහිපයක පටන් රටේ ජනතාව ඉල්ලා සිටි ආර්ථික සංවර්ධනය අත්පත් කරදීමට තමා ද ඇතුළු සියලු දේශපාලන නායකයන් අසමත් ව ඇතැයි හෙතෙම පෙන්වා දේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙබරවාරි 04 වැනි දා පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඉල්ලා අස්වුණේ කතානායකගේ ලිපිය නිසා.. – මනුෂ

ඉකුත් දා කතානායකවරයා,ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මත තමා රජයෙන් පිරිනැමූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට 06 වැනි දා පෙරවරුවේ ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව පෙන්වා දේ. සිය හෘද සාක්ෂිය,දේශපාලනික හිතවතුන් සහ දේශපාලනික ආධාරකරුවන්ගේ ද අදහස් මත තමා අදාල ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසන මන්ත්‍රීවරයා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහින්ද පත් කළේ රනිල් එක්ක බැරි නිසා.. – ජනපති

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,අගමැතිවරයා ලෙස පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමේ අපහසුතාව නිසා බව ඔහු ප්‍රකාශ කරයි. එම විශේෂ ප‍්‍රකාශය – ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇමති මණ්ඩලය විසිරිලා..

හිටපු අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විිසිරී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. නව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැවගේ අත්සනින් යුත් අදාල නිවේදනය 27 වැනි දා නිකුත් කෙරිණ. ජනාධිපතිවරයා සතු බලතලප්‍රකාර ඉකුත් ඔක්තෝබර් 26 වැනි දා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්,ඒ අනුව පැවති අමාත්‍ය මණ්ඩලය බලාත්මක නොවන බවත් එහි සඳහන් වේ. ජනාධිපති කාර්යාලය විසින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රනිල් ට විදේශ රටවල සහාය

විදෙස් තානාපතිවරු රැසක් අගමැති රනිල් රැකගැනීමට එක් ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි. ඔක්තෝබර් 27 වැනි දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අමෙරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු යුරෝපා සංගමයේ තානාපතිවරුන් ඔහු මුණ ගැසී තිබේ. සිය පූර්ණ සහාය අගමැති රනිල් වික්‍රමසිංහ හට හිමි වන බව ඔවුන් ඔහු හට දැනුම් දී ඇත. ඒ අතර සියලු ඉදිරි කටයුතු ව්‍යවස්ථානුකූල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න