හුදෙකලා ප්‍රදේශ 04 ක්

දිවයිනේ ප්‍රදේශ 04 ක් හුදෙකලා කෙරේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මොරටුවේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ, කඳාන සහ මහබාගේ එසේ හුදෙකලා කර ඇති බවයි. නැවත් දැනුම් දෙනතුරු අදාල තත්ත්වය ක්‍රියාත්මක වේ. නොවැම්බර් 09 වැනි දා රාත්‍රියේ අදාල ප්‍රදේශ හුදෙකලා තර ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් මෙහෙයුම් තදින් ම

2020 නොවැම්බර් 09 වැනි දා අළුයම 05.00 ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුවව රට තුළ දෛනික කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ හා ඊට අදාල  නීතිමය තත්ත්ව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සිදු කළ ප්‍රකාශය – බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට අවසන් වූවත් ලංකාවේ පොලිස් බලප්‍ රදේශ 25 ක සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එක ම පිළියම නිවසේ රැඳීමයි.

අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොවන මෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ජනතාවගෙන් ඉල්ලා සිටී. කොවිඩ් 19 වෛරස ව්‍යප්තියට ප්‍රධානතම හේතුව අන්තර්පුද්ගල සබඳතා බව ඔහු පෙන්වා දේ. එබැවින් බාහිර සමාජයේ දී යම් ආකාරයකින් වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාවක් ඇතැයි මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හෙතෙම පැවසී ය. නොවැම්බර් 07 වැනි දා සිට රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ආසාදිතයින් 383 ක්

නොවැම්බර් 06 වැනි දා රාත්‍රිය වනවිට දිවයිනේ නව කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු වාර්තා වේ. එදින පස්වරුව වනවිට ආසාදිතයින් 213 දෙනෙකු ද, පැය කිහිපයකට පසු තවත් 170 දෙනෙකු ද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9092 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් 8709 ක්

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොකුරුවලින් තවත් ආසාදිතයින් 169 දෙනෙකු වාර්තා වේ. ඒ අතර 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලිනි. පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 151 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා සමස්ත ආසාදිතයින් ගණන 8709 ක් වේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් 274 ක්

නොවැම්බර් 04 වැනි දා නව කොවිඩ් 19 ආසාදිතයින් 274 ක් වාර්තා වේ. නිරෝධායන මධ්‍යස්ථානවලින් 07 දෙනෙකු ද, පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 267 දෙනෙක් ද ඒ අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව අදාල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8540 දක්වා ඉහළ නැංවී ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොවිඩ් සහන සඳහා මිලියන 7355 ක්

නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසය තුළ දී පමණක් රුපියල් බිලියන 7.3 කට අධික මුදලක් වෙන් කළ බව රජය නිවේදනය කරයි. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් – 19 වෛරසය නැවත වාර්තාවීමෙන් පසු මේ දක්වා කාලය තුළ අදාල කටයුතු වෙනුවෙන් මෙම අරමුදල් ප්‍රමාණය වෙන් කර තිබේ. දිසාපතිවරුන් ඇතුළු අදාල පාර්ශ්වයන්ගේ ඉල්ලීම මත තවදුරටත් මේ අයුරින් අවශ්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් ආසාදිතයින්

නව කොරෝනා ආසාදිතයින් 137 දෙනෙකු වාර්තා වේ. ඒ නොවැම්බර් 03 වැනි දා රාත්‍රී 10.00 ට ය. ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවල 05 දෙනෙකු හා පෑලියගොඩ පොකුරේ ආසාදිතයෝ 132 දෙනෙකු වෙති. නව සංඛ්‍යාවත් සමග අදාල පොකුරේ ආසාදිත ගණන 8266 දක්වා ඉහළ නැංවේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අද අළුතින් 272 ක්

මිනුවන්ගොඩ හා පෑලියගොඩ ආශ්‍රිත ආසාදිත පොකුර 8129 දක්වා ඉහළ යයි. නොවැම්බර් 03 වැනි දා රාත්‍රී 09.45 වනවිට වාර්තා වූ නව ආසාදිතයින් ගණන 272 ක් වේ. ඒ අතර නිරෝධායන මධ්‍යස්ථානවල වෙසෙන 03 දෙනෙක් හා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ 269 ක් ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරෝනා මරණ විස්තර

කොරෝනා ආසාදනයෙන් තවත් මරණ 02 ක් වාර්තා වේ. වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරන්නේ ඒ, මෙරට 22 වැනි හා 23 වැනි කොරෝනා මරණ බවයි. කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් පෙළුනු කොළඹ ජම්පටා වීදියේ කාන්තාවක් නොවැම්බර් 01 වැනි දා මිය ගියා ය. ඇය 68 හැවිරිදි වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ අවස්ථාවේ සිදු කළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න