පාර්ලිමේන්තුව කල් තැබේ.

පාර්ලිමේන්තුව කල් තැබේ. නොවැම්බර් 23 වැනි දා පෙරවරු 10.30 දක්වා එය කල් තැබෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සභාව අමතමින් පැවසී ය. කතානායක කරු ජයසූරිය 19 වැනි දා පාර්ලිමේන්තුවට නොපැමිණි හෙයින් නියෝජ්‍ය කතානායකවරයා අදාල කටයුතු මෙහෙයවන ලදී. එදින පස්වරු 1.00 ට ඇරඹි පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට පමණක් සීමා විය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එජාපය ජනපති කාර්යාලයට යාමේ සූදානමක්

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණ ඒ බව තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය සැරසේ. ඒ අනුව 19 වැනි දා පෙරවරු 10.00 ට වත්මන් ආණ්ඩුවට එරෙහි මන්ත්‍රීවරුන් 113 දෙනෙකුට අධික පිරිසක් සහ ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශ සමග කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ජනාධිපතිවරයා 18 වැනි දා පස්වරුවේ කැඳවූ සර්වපාක්ෂික හමුව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජවිපෙ,සාකච්ඡාවට පෙර ජනපතිට ලියයි.

රට වෙනුවෙන්,තමා විසින් ම ඇරඹූ අර්බුදය නිමවීමට ජනාධිපතිවරයා හට ආත්මශක්තියක් ඇතැයි තමන් විශ්වාස කරන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. පාර්ලිමේන්තුවේ වන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස 18 වැනි දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණෙන මෙන් තම පක්ෂයට ලද ආරාධනාව අනුව,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් පක්ෂය ඒ බව සඳහන් කර ඇත. වත්මන් පාර්ලිමේන්තු අර්බුදය ජනාධිපතිවරයාගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පෞරුෂය කියන්නෙ චණ්ඩිකම් නෙවෙයි!

බහුතරයක් නොමැති අගමැතිවරයා හට ඉල්ලා අස්වන්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. පාර්ලිමේන්තුව තුළ මතු ව ඇති අර්බුදය විසඳනු පිණිස ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බව ඔහු පෙන්වා දේ. යම් පිරිසක් එම උත්සාහය කඩාකප්පල් කිරීමට ක්‍රියා කළ ද මෙම තත්ත්වය කඩිනමින් විසඳාගැනීම ජනතා අපේක්ෂාව බව හෙතෙම සඳහන් කළේ ය. මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ඡාවක දී වැඩිදුරටත් අදහස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සර්වපාක්ෂික හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සර්වපාක්ෂික හමුවක් කැඳවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් එය 18 වැනි දා පස්වරු 05.00 ට කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ. ඉකුත් දිනවල පාර්ලිමේන්තුව තුළ සිදු වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු නිසි සේ පවත්වාගෙන යාම පිණිස සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීම අරමුණයි. ජනාධිපති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාර්ලිමේන්තුව අවසන් කරන්නෙ නෑ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් සැසිවාරය කිසිදු හේතුවක් මත අවසන් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් 16 වැනි දා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඒ බව නිවේදනය කර තිබේ. මේ අතර,එදින පාර්ලිමේන්තුව රැස් වූව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් එය 19 වැනි දා දක්වා කල් තැබිණ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පාර්ලිමේන්තුව විසුරවන්නේ නෑ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු සූදානමක් නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. සංවිධානාත්මක කණ්ඩායම් විසින් එවන් අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් සිටින බව එමගින් 07 වැනි දා නිකුත් කළ නිවේදනයක දැක් වේ. අදාල අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරය දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරයි.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අපි පිළිගන්නේ බහුතර මතයයි.

බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා පත් කළ ව්‍යවස්ථාවිරෝධී අගමැතිවරයා පිළි නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු 03 වැනි දා ඒ බව පැවසී ය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සභානායකධුරය හෝ පාර්ලිමේන්තුව තුළ වෙනත් ඕනෑ ම ධුරයක් සඳහා හෝ පත් කිරීම් සිදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රාජ්‍ය නිලධාරීන්ට වැඩමුළුවක්

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂ එක්දින වැඩමුළුවක් සංවිධාන කෙරේ. ඒ,08 වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා සහ අණපනත් පිළිබඳ දැනුවත් කිරීම පිණිස ය. ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සංවිධානයෙන් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා ගාල්ල හසාරා හෝටලයේ දී වැඩමුළුව පැවැත්විණි. එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති, ජනතා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගෝස්තු 24 වැනි දා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇත්තේ ජනාධිපති, අගමැති හා ආරක්ෂක ඇමතිට පමණක් බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේ ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලිම පරිදි ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඉල්ලිම මත අග්‍රාමාත්‍යවරයාටත්, ආරක්ෂක ලේකම්ගේ ඉල්ලිම මත ආරක්ෂක අමාත්‍යවරයාටත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇති බව ඔහු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න