ලීසිං සමාගම්වලට නටන්න දෙන්න එපා!

ලීසිං සමාගම්වලට නීතිවිරෝධී කටයුතු සඳහා ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලීසියට නියෝග කරයි. ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට එම සමාගම් අනුගමනය කරන ක්‍රමය නීතිවිරෝධී බැව් ඔහු පෙන්වා දේ. ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලීසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වී මෝල් අත්‍යවශ්‍ය සේවා අතරට

ප්‍රධාන පෙළේ වී මෝල් අඛණ්ඩ ව විවෘත ව තැබීමට තීරණය කෙරේ. සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩ ව සිදුකිරීම පිණිස ප්‍රධාන පෙළේ වී මෝල් නොකඩවා විවෘත ව තැබීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේ දී තීරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ දි රටේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බොරු,ද්වේෂසහගත ප්‍රචාර කරන්නන්ට වැඩ වරදී.

අන්තර්ජාලය මගින් අසත්‍ය හෝ ද්වේෂසහගත ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහි දැඩි ව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට රාජ්‍ය අංශයේ සේවකයෝ වැඩි කැපවීමකින් යුක්ත ව කටයුතු කරති. අදාල නිලධාරීන්ගේ රාජකාරි විවේචනයට ලක් කරමින්, ඔවුන් වෙතින් යම් සුළු අතපසුවීමක් වන්නේනම් එය හුවා දක්වමින් ඔවුන්ගේ රාජකාරියට බරපතල ලෙස බාධා කෙරෙන අන්දමින් බැන, තර්ජනය කරමින් අසත්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආහාර ප්‍රවාහනයට ඉඩ දෙන්න!

ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී අපහසුතා සහ අවහිරතා ඇති නොකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොලිස්පතිවරයාට උපදෙස් දෙයි. ඇඳිරි නීති සමය තුළ ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු වුවත්, එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය පිටකොටුවේ මැනිං වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන මෙන් හෙතෙම වැඩ බලන පොලිස්පති චන්දන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැඩ බලන පොලිස්පති

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පත් කෙරේ. ඔහු 29 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් ඇඳිරි නීතිය

පොලිස් ඇඳිරි නීතිය අප්‍රේල් 26 වැනි දා රාත්‍රියේ ද පැනවේ. පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් එදින රාත්‍රී 10.00 සිට 27 වැනි දා අළුයම 04.00 දක්වා එය පනවා ඇත.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් නිවාඩු අවලංගුයි!

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ. පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත එම පියවර 27 වැනි දා පෙරවරුවේ සිට ක්‍රියාත්මකයි. අදාල පොලිස් වසම්වල සාමය ආරක්ෂා කිරීම අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසී ය. ප්‍රදේශවල පොලිස් මුර සංචාර සංඛ්‍යාව ද ඒ අනුව ඉහළ නංවා තිබේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ක්‍රිකට් මුල්‍ය වංචාවට විමර්ශනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වී යැයි කියන මුල්‍ය වංචාවක් පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයා වෙත යොමු කෙරේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා පුද්ගලික සමාගම සමග 2013 අප්‍රේල් මස 01 වැනි දින ගිවිසුමක් අත්සන් කර තිබේ. අදාල ගිවිසුම්ගත මුදලින් අමෙරිකානු ඩොලර් 5,564,404.50 ක් එනම්,50 % ක් ක්‍රිකට් ආයතනයේ ගිණුමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස්පතිට අස්වෙන්න කිව්වෙ නෑ..

පොලිස්පතිවරයා හට ඉල්ලා අස්වන මෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි සඳහන් මාධ්‍ය වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. සැප්තැම්බර් 20 වැනි දා පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කාර්යාලය ඒ බව දන්වා තිබේ. එදින පෙරවරුවේ ඇතැම් මාධ්‍ය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයි ප්‍රචාරය කර තිබිණ. අගමැති කාර්යාලයේ අදාල ලිපිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න