දින 30 කින් බාහිර ව ආසාදිතයින් නෑ..

යුද හමුදා නිලධාරියෙකු හට ඕනෑ ම අවස්ථාවක කොරෝනා වැළඳුණහොත්, අදාල ප්‍රතිකාර සඳහා පනාගොඩ යුද හමුදා මූලික රෝහල වෙන් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියයි. නිරෝධායන මධ්‍යස්ථාන තුළ බහුල ව රාජකාරි කරන්නේ යුද හමුදා සාමාජිකයින් ය. එබැවින් ඔවුන් කොවිඩ් 19 වෛරස ආසාදනයට ලක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බව ජුනි 03 වැනි දා රාජගිරියේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

11 වැනි කොරෝනා මරණය

මෙරට 11 වැනි කොරෝනා මරණය වාර්තා වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ජුනි 01 වැනි දා පෙරවරුවේ එය සිදු ව ඇති බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ බව තහවුරු කර ඇත. මියගොස් ඇත්තේ කුවේට් හි සිට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු වේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආණ්ඩුවට යෝජනා කිහිපයක්

විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම පිණිස ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකසා ඔවුන්ට මන්ෂ්‍යත්වයේ දෑත් දිගු කිරීමට එතෙර අපි සංවිධානය යෝජනා කරයි. එතෙර අපි සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසන්නේ ඔවුන් මෙරට ගෙන්වාගැනීම පිළිබඳ ආණ්ඩුව උදාසීන පිළිවෙතක් අනුගමනය කළ බව ය. බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ 29 වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම ඒ බව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආණ්ඩුව රට විරුවන් ගැන බැලිය යුතුමයි!

කුවේටයේ අසරණ වූ ලාංකීය ශ්‍රමිකයින් රැකගැනීඹ පිණිස සමගි ජව බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කලාෆ් බු ධහයිර් හමු වේ. දෙපළ අතර විශේෂ හමුව සහ සාකච්ඡාවක් 27 වැනි දා පැවැත්විණ. මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් අසරණ ව සිටින අතර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සහ ඔවුන්ගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආසාදිතයින් 1503 ක්

නව කොරෝනා ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ඉන් 17 දෙනෙකු ඩුබායි හි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසකි. තවත් 15 දෙනෙකු කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක් වේ. දෙදෙනෙකු නාවුක හමුදා සාමාජිකයින් ය. දැනට ශ්‍රී ලංකාවෙන් ආසාදිතයින් 1503 දෙනෙක් වාර්තා වන අතර ඉන් 745 දෙනෙකු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහින්දානන්දට කුවේටයේ ලාංකික විරෝධය

එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හට ලිපියක් යොමු කරයි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කුවේට් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳ කළ අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳ විරෝධය පළකිරීම අරමුණ වී තිබේ. සභාපතිවරයා අමාත්‍යවරයා වෙත යැවූ ලිපිය – විදේශ කටයුතු අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශය – කොළඹ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක්

කොවිඩ් 19 වසංගතය ව්‍යප්තිය හමුවේ අතරමං ව හෝ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් මව්බිමට ගෙන්වාගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ. මැයි 27 වැනි දා පැවැත්වෙන සාකච්ඡාවක දී නව වැඩපිළිවෙළ පිළිබඳ තීරණය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරෙනු ඇත. වසංගතයේ ගෝලීය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තවත් කොරෝනා මරණයක්

ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරන්නේ ඇය කුවේට් හි සිට පැමිණි කාන්තාවක් බවයි. ඇය ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි 51 හැවිරිදි කළුතර, පයාගල පදිංචිකාරියක් ය. ඉකුත් දා රාත්‍රියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත ඇය ත්‍රිකුණාමලය රෝහලේ දී මියගොස් තිබේ. සිදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රට විරුවො ගැන බලන්න!

විදෙස් රටවල අසරණ වී සිටින ලාංකිකයින් ශ්‍රී ලංකාවට වහා කැඳවාගන්නැයි එතෙර අපි සංවිධානය ආණ්ඩුවට බල කරයි. සංවිධානයක් ලෙස ඔවුනට සහන සැලසීමට තමන් හට හැකියාව ඇතත් ඊට අවස්ථාව සලසා දෙන මෙන් සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඉල්ලා සිටියේ ය. බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ එසේ විදෙස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන

කොවිඩ් 19 වෛරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත විගමණික ශ්‍රමිකයින් පිළිබඳ වහා මැදිහත් වී කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනී. විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව අදාල සුභසාධන අංශ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න