සෞදි බස්රථ රියැදුරු ඇබෑර්තු

සෞදි අරාබියේ බස්රථ රියැදුරු ඇබෑර්තු සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවාගැනීම පිණිස මූලික පියවර ගැනේ. අදාල එකඟතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සභාපති මේජර් සුදත් අබේසිංහ, සෞදි අරාබියේ රියාද් පොදු ප්‍රවාහන සමාගම (Public Transport Company) නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂ මොන්ටිගෝමර්ස් රොබට් ගාලන් (Montigomars Robert Galan) අත්සන් තැබූ හ. මේ යටතේ ශ්‍රී ලාංකිකයින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජපානයෙන් රැකියා අවස්ථා රැසක්

මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රයට ජපානයෙන් අවස්ථා රැසක් හිමි වේ. ඉකුත් දා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ජපානයේ නිරත වූ නිල සංචාරයක ප්‍රතිඵල ලෙස එම ප්‍රතිඵල හිමි ව ඇත. සංචාරයේ අරමුණ වූයේ විශේෂ කුසලතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා (SSW) ජපන් රජය මගින් පවත්වනු ලබන විභාගය ශ්‍රි ලංකාවේදීත් පැවැත්වීමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිංගප්පූරුවේ හොඳ ම සේවිකාව ලංකාවෙන්

වසර 2020 සිංගප්පූරුවේ හොඳ ම ගෘහස්ත සේවිකාව ලෙස ශ්‍රී ලාංකික කාන්තාවක් තේරී පත් වේ. එරට ගෘහස්ථ අංශයේ සේවිකාවක ලෙස සේවය කරන ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා 2020 වසරේ හොඳ ම විදේශීය ගෘහස්ත සේවිකාව ලෙස සම්මාන හිමි කර ගත්තා ය. එරට රැකියා නියෝජිතයින්ගේ සංගමය මගින් ඇයට හිමි සම්මානය හා සිංගප්පූරු ඩොලර් 2000 ක් (ආසන්න වශයෙන් රු.260000.00) ත්‍යාගය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මොහු ගැන දන්නවා ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සඳහා පිටත් ව ගොස් එහි දී කිසිදු තොරතුරක් නොමැති එච්.බී.අමිත් පිළිබඳ තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. කොට්ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද, වාසලවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි ඔහු 2014.06.24 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් ව ගොස් තිබේ. මේ වනවිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කුවේට් ගිය කතුන් 55 ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නොයෙක් විපතට පත් කාන්තා ශ්‍රමිකයින් 55 දෙනෙකු දිවයිනට පැමිණෙති. ඔවුන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් පෙබරවාරි 04 වැනි දා උදෑසන 6.15ට UL 230 දරන ගුවන් යානයෙන් මව්බිමට ළඟා වූ හ. දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන එම කාන්තාවන් සේවා ගිවිසුම ඉක්මවීම, රැකියා ස්ථානයේ විවිධ කරදර, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා කාර්යාංශය මගින් වාර්ෂික ව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව පිරිනැමීමට 2020 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් කැඳවේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් හා අ.පො.ස (උසස් පෙළ) සමත් දරුවන් තවදුරටත් දිරිගැන්වීම සඳහා මුල්‍යමය ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් පිරිනමනු ලබයි. මේ පිළිබඳ වැඩි විස්තර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් නොමිලේ දුරකථන සේවාවක්…

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගයෙන් අබුඩාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ පහසුව සඳහා තානාපති කාර්යාලය වෙත නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගත හැකි සේවාවක් ආරම්භ කරයි. එය 2020 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කර ඇත. ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවා ලබාගැනීමට බලාපොරොත්තු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කටාර් රාජ්‍යයෙන් සම්මානයක්

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කරන විශිෂ්ට රට ලෙස ශ්‍රී ලංකාව සම්මානයට පාත්‍ර වේ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ග‍ෙකුසලතා අගයමින් අදාල සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. මැයි මස පළමුවැනි දිනට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමී ව මෙම උත්සවය සංවිධාන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොරියානු විභාගයට අයදුම්පත් කැඳවේ.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැඳවේ. ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන අදාල පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ඉකුත් මාර්තු 26 වැනි දා ආරම්භ වූ අතර 29 වැනි දා දක්වා සිය මධ්‍යස්ථාන 18 ක දී සිදුකෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. අයදුම්පත් නිකුත් කිරීමේ පළමු දිනය වූ 26 වැනි දා අයදුම්පත් 4998 ක් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ව්‍යාජ රැකියා ඒජන්සිකරු දැලේ

ඊශ්‍රායල් රැකියා ලබාදෙන ව්‍යාජයෙන් මුදල් වංචාකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව ඔහු අදාල විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නමැති සැකකරු බලපත්‍ර රහිත ව පුද්ගලයින් විදේශගත කිරීමට නීතිවිරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න