නිරෝධායනය නිමවූ තවත් පිරිසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ නිරෝධායනයට ලක් වූ පිරිසක් අදාල කටයුතු නිම කරති. ඔවුන් කොළඹ ග්‍රෑන්ඩ්පාස්, බණ්ඩාරනායක මාවත සහ වැලිසර රෝහලේ පිරිසිදු කිරීමේ සේවාවන් හි නිරත පිරිසක් බව ගුවන් හමුදාව කියයි. වැලිසර රෝහලේ ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂකයේ අධීක්ෂණය යටතේ පවතින වාට්ටු අංක 11 සහ 12 ප්‍රතිකාර ලැබීමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නෞකාවක කාර්යය මණ්ඩලයක් විෂබීජහරණයට

දිවයිනට පැමිණි විදේශිකයින් 236 දෙනෙකු විෂබීජහරණය කෙරේ. නෙදර්ලන්ත නෞකාවක කාර්යය මණ්ඩලය වන ඔවුන් මැයි 03 වැනි දා ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොලට ගොඩ බැස්සෝ ය. එහි දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරන ද්‍රව්‍ය සඳහා ප්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ සාමාජික පිරිසක් විසින් ඔවුන් හා ඔවුන්ගේ බඩු බාහිරාදිය විෂබීජහරණය කරන ලදී. අදාල විදේශිකයින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්යය සාධක බලකායක් පිහිටු වේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් එය පිහිට වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 27 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හලාවත රෝහලට ගුවන් හමුදා සහාය

හලාවත දිස්ත්‍රික් රෝහලේ වාට්ටුවක් කොවිඩ් 19 ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයින් සඳහා විශේෂයෙන් සැකසේ. රෝහලෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දින 05 ක් ඇතුළත අදාල කටයුතු නිම කර ඇත. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ අධීක්ෂණයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ මග පෙන්වීමෙන්, පාලවිය කඳවුරේ නිලධාරියෙකු සහ සෙසු නිල 24 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගුවන් හමුදා සංගීත ප්‍රසංගයක්

තොටළඟ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ ස්වයං නිරෝධායනයට ලක් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සංගීත ප්‍රසංගයක් පවත්වයි. අප්‍රේල් 16 වැනි දා එය පැවැත්විණ. ඇඳිරිනීතිය පවතින කාලය තුළ ජනතාවගේ ඒකකාරිත්වය පහකිරීම පිණිස ත්‍රිවිධ හමුදාව විසින් දිවයිනේ බොහෝ ස්ථානවල මෙවන් ප්‍රසංග පවත්වනු ලැබේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හෝමාගම රෝහලේ වාට්ටුවක් කොරෝනා වෙනුවෙන්

කොරෝනා ආසාදිත රෝගීන් හට ප්‍රතිකාර සදහා නිර්දේශ කළ හෝමාගම දිසා රෝහලේ වාට්ටුවක් ඒ සඳහා සැකසේ. රෝහල විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව එහි 10 වැනි වාට්ටුව දින 03 ක් තුළ එසේ සකසා නිම කළ බව ගුවන් හමුදාව කියයි. කොවිඩ් 19 ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් හට ප්‍රතිකාර සඳහා අදාල වාට්ටුව පිළිසකර කරන ලද්දේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අපි සූදානම්!

කොරෝනා අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව සූදානම් බව නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහතික වෙයි. ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ නැංවෙන බැවින් විදේශිකයින් මෙරට ට පැමිණීමේ අවස්ථාව ඉහළ නැංවී ඇතැයි ඔහු පෙන්වා දේ. එබැවින් යම් අනවසර සංක්‍රමණිකයින් පිරිසක් දිවයිනට ළඟා වනු දුටුවහොත් ඔවුන් ආරක්ෂාකාරී ව සිය මව්බිමට පිටත් කර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහජන ආධාර ලබාදීමට නව වැඩපිළිවෙලක්

කොළඹ නාගරික සීමාවේ මහජන ආධාර ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසේ. අදාල කටයුතු අප්‍රේල් 8,9 සහ 10 යන දිනවල සිදු කෙරෙන බව කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් රොෂානි දිසානායක පවසයි. මෙතෙක් තැපැල් කාර්යාල ඔස්සේ සිදු කළ එම දීමනා මෙවර නව ක්‍රමයකට ලබාදීමට පියවර ගෙන ඇත. අදාල විස්තර නරඹන්න –

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිරෝධායනය නිමවූ 203 ක් පිට ව යති.

මුලතිවු ගුවන් හමුදා කඳවුරේ පිහිටි මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 203 දෙනෙකු සිය නිවාස කරා පිටත් ව යති. ඔවුන් ඉන්දියාවේ සිට ගුවන්යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලට පැමිණ එහි සිට මුලතිවු වෙත පැමිණි පිරිසක් වේ. මාර්තු 22 වැනි දා සිට මේ දක්වා ඔවුන් එහි රැඳී සිටි අතර, පිරිමින් 56 ක් සහ කාන්තාවන් 147 ක් ඒ අතර වූ හ. කඳවුරේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ගම්පහ රෝහලට බාහිර රෝගී ඒකකයක්

කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන්නන් හට ප්‍රතිකාර පිණිස ගම්පහ දිස්ත්‍රික් රෝහලේ බාහිර රෝගී ඒකකයක් ඉදි කෙරේ. රෝහලෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය එය ඉදි කර ඇත. දින 06 ක් තුළ ඉදිකිරීම් අවසන් කළ ඒකකය රෝහල වෙත පිරිනැමීම අප්‍රේල් 04 වැනි දා සිදු කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ ධනපතියන් සහ පරිත්‍යගශීලීන්ගේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න