ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දිනය

සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කෙරිණ. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එය සමරනු ලැබේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන්ගේ ආරක්ෂාව […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ඖෂධ නිපදවීම 16 වැනි දා

“අළුත් රටට අළුත් බෙහෙත්” වැඩපිළිවෙල යටතේ නව ඖෂධ නිෂ්පාදනය ඇරඹේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ගේෂ “සෞභග්‍යයේ දැක්ම” ජාතික වැඩසටහනට සමගාමී ව රටට අවශ්‍ය ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීමේ වැඩසටහන, ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආරම්භ කිරීමට සූදානම් ව සිටී. ඒ අනුව රටට අවශ්‍ය ඖෂධවලින් 50 % ක් මෙරට නිෂ්පාදනය කිරීමට පියවර ගෙන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වහා සෞඛ්‍ය නිවේදන ගැසට් කරන්න!

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීමෙන් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් අවධාරණය කරන්නේ පවතින අවදානම්සහගත සෞඛ්‍ය වාතාවරණය මත මහා මැතිවරණය පැවැත්වීම සඳහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බව ය. එසේ නොකළහොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවදානමක් ඇතිවන බවත්, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

බොරුවට එරෙහිවත් බොරුවමයි!

රාජපක්ෂ කණ්ඩායම ජනාධිපතිවරණයේ දී කියූ බොරු අමතක කර අලුත් බොරු වේදිකාවට රැගෙන එතැයි ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක සුනිල් හඳුන්නෙත්ති කියයි. එවන් බොරුවලට නොරැවටෙන්නැයි මාතර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජුනි 30 වැනි දා හෙතෙම පැවසී ය. ඔහු ඉදිරිපත් කළ අදහස් තවදුරටත්… ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ කණ්ඩායම පාවිච්චි කළ බොරු මේ මහ මැතිවරණයේ දී අතේ පත්තු වෙමින් තිබෙනවා. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

තැපැල් ඡන්දයට හැඳුනුම්පත අනිවාර්යයි.

පිළිගත හැකි හැඳුනුම්පතක් ඉදිරිපත් කළ නොහැකි කිසිවෙකු හට තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් වර්ග 04 ක් ඔහු පෙන්වා දේ. එනම්, 01. ජාතික හැඳුනුම්පත 02. වලංගු රියදුරු බලපත 03. වලංගු ගමන් බලපත 04. මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත ඊට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජංගම දන්ත ශල්‍යාගාරයක්

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ප්‍රථම ජංගම දන්ත ශල්‍යාගාරය සේවයට එක් කෙරේ. රාජකාරියේ නිරත නාවුකයින්ගේ සහ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ මුඛ ‍‍සෞඛ්‍යය ඉහළ නැංවීම අරමුණයි. ජංගම දන්ත ශල්‍යාගාරය 2020 ජුනි 25 වැනි දා එසේ සේවයට එක් විය . ශ්‍රි ලංකා නාවුක හමුදා දන්ත වෛද්‍ය ඒකකයේ සංකල්පයක් වූ ව්‍යාපෘතිය නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

කොළඹ ඩෙංගු මර්දන මෙහෙයුමක්

කොළඹ මහ නගර සභා සීමාවේ දින 04 ක ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ. ජුනි 04, 05, 06 සහ 07 යන දිනවල එය ක්‍රියාත්මක කෙරෙන බව නගර සභාව දන්වා සිටී. එක් එක් ප්‍රදේශ ආවරණය කරමින් සියලු පරිශ්‍ර පරීක්ෂාවට නියමිත අතර, ස්ථානීය පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, පොලිස් නිලධාරියෙකු හා කසල කළමනාකරණ අංශයේ නිලධාරියෙකු බැගින් සහභාගී වීමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇඳිරි නීතිය රාත්‍රියට සීමා වේ.

මැයි 26 වැනි දා සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අළුයම 4.00 අතර පමණක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. එදින පටන් දිවයිනේ සියලු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අදාල කාලයට පමණක් සීමා වේ. ඇඳිරි නීතිය ලිහිල් කළ ද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දෙමව්පියන් ලෙස සිතන්න!

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින්නැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉල්ලයි. තමාගේ දේශපාලන පක්ෂය, වෘත්තීය සමිතිය කවරත් වුවත් මේ මොහොතේ දරුවන් උදෙසා මව්පියන් සේ සංවේදී වන මෙන් ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන් සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඖෂධ අඛණ්ඩ ව සපයන්න!

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාල බලධාරීන්ට උපදෙස් ජනාධිපතිවරයා 21 වැනි දා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරුන් සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳ විමර්ශනයක නිරත විය. රට තුළ ඖෂධ සැපයුම සකස් වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න