ඩිලාන්ට උසස්වීමක්

විශේෂ

සැඩ පහරට හසු ව මියගිය පොලිස් නිලධාරියා සැරයන් තනතුරට උසස් කෙරේ.
ඉකුත් 25 වැනි දා මාදම්පේ ගල්වල ප්‍රදේශයේ දී සැඩ පහරට හසු වූ 03 දෙනෙකු බේරාගැනීමට යත්න දරද්දී මාදම්පේ පොලිස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල් 88587 ඩී.පී.ඩිලාන් සම්පත් ජීවිතක්ෂයට පත් විය.
දිවි පරදුවට තබා ඔහු කළ වීර ක්‍රියාව අගයා පොලිස්පති පූජිත් ජයසුන්දර අදාල උසස්වීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
නිලධාරියාගේ අවසන් කටයුතු 28 වැනි දා ගිරිඋල්ල,මල්ගමුවේ නො.176/01 හි දි සිදු කෙරේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *