ව්‍යාජ වීසා මගින් රට යන තැත වරදී..

පොලීසියෙන්

ව්‍යාජ ඇල්ජීරියානු වීසා මගින් විදෙස්ගතවීමට උත්සාහ දැරූ 03 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඔවුන් 16 වැනි දා කටාර් රාජ්‍යය ඔස්සේ ඇල්ජීරියාවට යාමට සැරසී සිටිය දී කටුනායක ගුවන්තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් සිය භාරයට ගෙන ඇත.

අදාල කටයුතු සඳහා අනුබල දුන් 02 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත් ව ඇතැයි පොලීසිය කියයි.

සැකකරුවෝ පේදුරුතුඩුව,මන්නාරම සහ වත්තල පදිංචිකරුවෝ වෙති.

ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *