ඇමති මණ්ඩලය විසිරිලා..

දේශපාලන

හිටපු අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විිසිරී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

නව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැවගේ අත්සනින් යුත් අදාල නිවේදනය 27 වැනි දා නිකුත් කෙරිණ.

ජනාධිපතිවරයා සතු බලතලප්‍රකාර ඉකුත් ඔක්තෝබර් 26 වැනි දා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්,ඒ අනුව පැවති අමාත්‍ය මණ්ඩලය බලාත්මක නොවන බවත් එහි සඳහන් වේ.

ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සියලු රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්,රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල හා බැංකු ප්‍රධානීන්ගේ අවධානයට උක්ත කරුණ යොමු කරවා ඇතැයි නිවේදනයේ සඳහන් ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *