වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

රටතොට

වැඩ බලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කෙරේ.

ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව ඒ සඳහා පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත් ව, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා 27 වැනි දා දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න අතින් සිය පත්වීම් ලිපිය ලබා ගන්නා ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *