සාමය ස්ථාපිතයි!

පොලීසියෙන්

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර විසින් මැයි 17 වැනි දා කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී කළ ප්‍රකාශය

මේ වනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකට සාමය ස්ථාපිත වෙලා තියෙනවා. ඒ සඳහා සහය දැක්වූ සැමට ස්තූති කරන්න මෙයඅවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම සාමයට බාධා කරන, නීතිවිරෝධි ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවෙන් ඉන්නවා. ඔවුන්ට දැඩිව ම නීතිය ක්‍රියාත්මක කරනවා.
පොලිස් මූලස්ථානය විසින් ස්ථාපිත විශේෂ ඒකකය මඟින් සමාජ මාධ්‍ය ජාලාවල සාමයට බාධා වන පරිදි සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිරතුරුවට පරීක්ෂාවෙන් ඉන්නවා. කිසියම් ආකාරයක එවැනි ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල සංසරණය වූවොත් ඒ පිළිබඳව මූලිකවම සොයා බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා.
අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් සමඟ සම්බන්ධතා හා මුදල් ගනුදෙනු කළ සැකකරුවන් 02 දෙනෙක් හොරොව්පතාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් දෙදෙනා හොරොව්පතාන පොලිස් වසමේ පත්තෑව,කපුගොල්ලෑව ලිපිනයේ පදිංචිකරුවන්. එක් අයෙක් නූර් මොහොමදු අද්දරසුල් හා අනෙක් පුද්ගලයා අබ්දුල් බජාර් නිබාම් යන පුද්ගලයින් දෙදෙනා රඳවා තබා ගෙන විමර්ශනය කරනවා.
හදිසි අවස්ථා නියෝග යටතේ දක්වා තියෙන ප්‍රතිපාදන මත යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ ඥාතියෙකුට අදාල පොලිස්ථානයෙන් ලදුපතක් ලබා ගැනීමට අයිතියක් තියෙනවා. මේ පිළිබඳ හදිසි නීති රෙගුලාසිවල ප්‍රතිපාදන දක්වා තියෙනවා. පසුව එම ලදුපත එම පුද්ගලයා නිදහස් කිරීමෙන් අනතුරුව නැවත පොලිසිය වෙත භාර දිය යුතු වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *