පින්බර රන්බිම වැළලී යන සඳ

විශේෂ

පිටරැටියන් රඟන කල ඉපදුනු ඇඳුමෙන්
හෙළයන් විලි වැසූයේ සොඳ පට පිළියෙන්
මුළු වැර යොදද්දී එක වේලක් වෙනුවෙන්
හෙළයන් නොවෙද සැරුවේ ලොව උඩු ගුවනෙන්

ගෙරි මස් නොකා රජ මුනිවරු වත රකිමින්
හරි මග යන්ට දන හට නිති මග පදමින්
ආදර්ශයෙන් උපදේශය පරදවමින්
සුරැකී මෙරට තම දිවි දෙවනුව තබමින්

මුනිවර අගස්තී පුලස්ති වෛස්‍රවණු
පසු කළ කිරුළ උරුමෙන් ලැබ මග රවනූ
දස සිප් දස දිසාවන්ගෙන් අග පිරුනූ
නොකළෙ ද අපේ හෙළ රට සැමතින් දියුණූ?

එවැනි විකුම් සැඟවී ඇත නෙක තැනක
දකිනු නොහෙයි නිති අත ගැටි පොත පතක
පෙර අප දැරූ අසිරිය නොම වෙයි මතක
සැනසෙමු, බුදිමු යදමින් ලද බත් පතක

පැකිළුණු දෙපා මැද ඔ‍බෙ දෑත ම හංගා
සැතපෙනු පුතුනි, පෙර දැරු විරුකම් හංගා
දරුවන් නටත් දී පරගැතියන් නංවා
වැළලෙමි නුඹ සමග මම නුඹෙ මව් ලංකා..

කප්කෙල තෙක් ම රැකදේවා මගෙ ලංකා
ආයුෂ බොහෝ අත්වේවා මව් ලංකා..!

– තුසකර ගමගේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *