පිනට තැලෙන මල්

විශේෂ

පියාපත් නැතිව ගුවනෙහි ගමන් කරන ගමන්
මලින් මලේ පැණි උදයෙම එකතු කරන ගමන්
බණ්ඩි පැටවු රජ කරවන හීන දකින ගමන්
අතුර එලූ බුමුතුරුණකි මට කළ හැකි ගමන්

දුවගෙ ගවුම හොඳයි මාලු බාන්නට
පුතුගෙ කමිසෙ හොඳයි දාම් අදින්නට
අපෙ හාමිනේ පිඹිමින් ගිනි දැල්වලට
දත කයි පැටවු බඩ ගිනිදැල් නිවන්නට

ගුවනින් යන්නෙ දෙවියන් බව අසා ඇතී
මිහිබට දනන් පැණි බී දෙවියන් වඳිතී
පැණි කළ මිලෙන් අඩකට අඩු මිල ගෙවතී
අතුරේ පියවරුන් පෙර කළ කම් ගෙවතී…!

– තුෂාන්ත කාරියවසම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *