පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා පත්වීම් රැසක්

රටතොට සෞඛ්‍යය

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ 1360 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම අරමුණයි.

උත්සවය 20 වැනි දා පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දරයේ දී සිදු කෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සුව සේවාවේ ගුණාත්මකභාව ඉහළ නැංවීමට ද ඒ අනුව කටයුතු සැලසේ.

ඒ අනුව පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ කාර්යය මණ්ඩලය යටතේ විකිරණ ශිල්පීන් 30 ක්, භෞත චිකිත්සකයින් 10 ක්, වෘත්තීය චිකිත්සකයන් 28 ක් ද, අතුරු වෛද්‍ය සේවාව යටතේ පවුල් සෞඛ්‍ය සේවාවේ 538 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 266 ක්, පාසල් දන්ත චිකිත්සකයන් 48 ක්, අක්ෂි තාක්ෂණවේදීන් 18 ක්, දන්ත චිකිත්සකයන් 04 ක් වශයෙන් 942 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුවට බඳවාගැනීම යටතේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥයින් 147 ක්, ඖෂධවේදීන් 95 ක්, භෞත චිකිත්සකයන් 120 ක්, විකිරණ ශිල්පීන් 56 ක් වශයෙන් 418 කට පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානය කෙරිණ.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
https://lakdana.lk/2020/02/20/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b6%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *