පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කාර්යය සාධක බලකායක්

දේශපාලන

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ රහස් පොලිස් විමර්ශන කඩිනම් කිරීම සඳහා කාර්යය සාධක බලකායක් පිහිටවූ බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

ඉකුත් වසරේ 250 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාශය (සීඅයිඩී) විසින් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් එය පිහිටුවා තිබේ.

සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත කාර්යය සාධක බලකායට විවිධ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් එහි ප්‍රධානත්වය උසුලයි.

ඒ සම්බන්ධ වාර්තතාවක් සතියකට වරක් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ඉදිරිපත් කළ යුතු වේ.

මෙම විශේෂ කාර්යය සාධක බලකායට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ, යුධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රතිත්‍රස්ත හා විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ සහ පොලිසි නීති අධ්‍යක්‍ෂ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළත් ‌ය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *