යුද හමුදාව සහ උතුරේ තරුණයින් වෙනුවෙන් තරගාවලියක්

ප්‍රදේශීය හමුදා තොරතුරු

යාපනය පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සාර්ථක ව අවසන් වේ.

තරගය පෙබරවාරි 25 වැනි දා යාපනය මහජන පැසිපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තරගාවලියට යාපනය බල ප්‍රදේශයේ පාසල් කණ්ඩායම් 08 ක් තරග වැදිණ.

අවසන් මහා තරගයට සුදුසුකම් ලද්දේ මානිපායි ඒන්ජල් ජාත්‍යන්තර පාසල සහ කොකුවිල් හින්දු විද්‍යාලයයි. තරගාවලියේ සූරතාව කොකුවිල් හින්දු විද්‍යාලය හිමි කරගන්නා ලදී.

ජය සංකේත සහ සහතිකපත් ප්‍රදානය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් වනිගසූරිය අතින් සිදු කෙරිණ.

51, 55 සේනාංකාධිපතිවරුන්, උතුරු පළාත් අධ්‍යාපන ලේකම්වරයා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සාමාජිකයින් ඊට සහභාගි වූ හ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ සංකල්පයක් අනුව, එම බල ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු යුද හමුදා සාමාජිකයින් සහ උතුරේ තරුණයින් අතර මිත්‍රත්වය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින්, 512 බල සේනා මූලස්ථානය තරගාවලිය සංවිධාන කර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *