දිට්ඨධම්මවේදනීය කර්මය පල දීලා..

දේශපාලන

විදේශීය ණය වාරික ගෙවීමට සහන ඉල්ලා සිටි රටවල් බංකොලොත් වී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සිය විමධ්‍යගත අරමුදල් මත බදුරලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා තේ වතු හිමියන් ‌හට තේ කප්පාදු
කිරීමේ යන්ත‍්‍ර බෙදා දීමේ උත්සවයක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවැසී ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයාා –

එක්සත් ජාතික පක්‍ෂය ධනපති පක්‍ෂයක් ලෙස හඳුන්වනවා. 2015 පසු බිහි වූ යහපාලන රජය ජනතාවට සහන රැසක් ලබා දුන්නා.
අපි බලයට පත් වනවිට තිබුණේ රුපියල් ටි‍්‍රලියනයක බදු ආදායමක් පමණයි. එය ටි‍්‍රලියන දෙක දක්වා වැඩි කිරීමට
තීරණය කර තිබුණා. නමුත් ලෝක ‌‌ෙවෙළෙඳපොලේ බොරතෙල් මිල අඩුවීමත් සමග මිල සූත‍්‍රය ගැන රජය කථා ක‌ෙළේ නැහැ.
වත්මන් රජය වක‍්‍ රව හෝ සෘජු ව සෑම භාණ්ඩයකම මිල වැඩි කර තිබෙනවා. ජනතාවට සහන දෙන්න අවශ්‍ය බව රජයට තේරෙන්නේ නැහැ. ධනපතීන්ට තමයි සහන ලබා දුන්නේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙලා. බී ළුෑනු සඳහා පාලන මිිිලක් පනවා තිබෙනවා. බී ළූනු කිලෝග‍්‍රෑමයක මිල රුපියල්
400 දක්වා වැඩි වුණා. අපි රුපියල් 80ට බී ළුෑුනු ලබා දෙන විට දැන් සනීප ද කියා නායකයින් ජනතාවගෙන්
විමසුවා. නමුත් ඔවුන්ටම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දී තිබෙනවා. කහ ගෙන්වීම නතර කළා. දැන් කහ
කිලෝග‍්‍රෑමයක් රුපියල් 1000 ක් වී තිබෙනවා. බඩු මිල ඉහළයාම රජයට පාලනය කරන්න බැහැ. අග‍්‍රාමාත්‍යවරයා
ඉන්දියාවෙන් ලබාගෙන ඇත්තේ සියයට දෙකක ණය ප‍්‍රමාණයක්. ග‍්‍රීසිය වැනි රටවල් මෙලෙස ණය ගෙවීම සඳහා සහන
ඉල්ලීමෙන් විනාශයට පත්වුණා. රට බංකොලොත් වුණා. අපේ රටටත් සිදු වන්නේ එම දෙයමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *