කේරළ ගංජා කිලෝ 12 ක් අත්අඩංගුවට

ප්‍රදේශීය

මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුම කදී කේරළ ගංජා කිලෝ 12 ක පමණ සොයා ගැනේ.

උතුරුමැද නාවුක විධානයේ නාවුක පිරිසක් අදාල වෙරළට ආසන්නයේ පොළොව යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 12 ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් (පාර්සල් 06) සොයා ගන්නා ලදි.

කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම දූෂණ මර්ධන ඒකකය වෙත භාර කෙරිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *