සෞභාග්‍යයේ දැක්මට යුද හමුදාවේ සහාය

හමුදා තොරතුරු

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල ව දිවයින පුරා යුද්ධ හමුදා
නිලධාරින් දිස්ත්‍රික්/ප්‍රදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සමග එක් ව අඩු ආදායම්ලාභී පවුල්වල රැකියා අපේක්‍ෂකයින්
ලක්‍ෂයකට ආසන්න පිරිසකට රැකියා ලබාදීම වෙනුවෙන් සම්මුඛ පරික්‍ෂණ මෙහෙයවති.

දිස්ත්‍රික් / ප්‍රදේශීය ලේකම් කාර්යාල 304 ක් ආවරණය වන පරිදි 26 වැනි දා ඇරඹි අදාල සම්මුඛ පරික්‍ෂණ 29 වැනිදා යින් අවසන් වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සහා පළාත් පාලන අමාත්‍යංශය, ජනාධිපති බහුකාර්ය සංවර්ධන කාර්යය සාධන බලකායේ උපදෙස් මත ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩල අදාල ලේකම් කාර්යාලවල ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන්, යුද්ධ, නාවුක, ගුවන් හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරී මණ්ඩලයකින් සමන්විත වන අතර, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් එච්.පී. සෙනෙවිරත්න විසින් අදාල සියලු උපදෙස් දිවයින පුරා ඇති ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත ලබා දී තිබේ.

ඉකුත් 27 වැනි දා පස්වරුවේ අදාල රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය, වන්නි, නැගෙනහිර, කිලිනොච්චි, මුලතිව්, බටහිර සහ මධ්‍යම ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුක්ත යුද හමුදා නිලධාරීන් සහභාගි වූ සම්මුඛ
පරීක්ෂණ මණ්ඩල 1085 ක් පෙබරවාරි 26 සිට 27 දෙදින තුළ වූ කාලසීමාව තුළ අයදුම්කරුවන් 114,421 දෙනෙකුට සම්මුඛ පරීක්‍ෂණවලට භාජනය කර අවසන් කළ හ.

පවුලේ කිසිදු සාමාජිකයෙකු රාජ්‍ය සේවයේ නොයෙදෙන මෙන්ම සමෘද්ධි ප්‍රතිලාභයන් නොලබන, නව යොවුන් වියේ පසුවන දරුවන් සිටින වැන්දඹුවන්, ආබාධිත පුද්ගලයින් සිටින පවුලක සාමාජිකයන් හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්,
දැඩි ලෙස රෝගාතුර වූ දෙමව්පියන් සිටින මෙන්ම පවුලේ ආදායම මසකට රුපියල් 5000කට වඩා අඩු සාමාජිකයන්, සමාජ සේවා හෝ ක්‍රීඩා කටයුතුවල නියැලී සිටින අනෙකුත් රැකියා අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ද මෙම සම්මුඛ පරික්‍ෂණවලට මුහුණ දුන් හ.

සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩල වෙත රැකිය අපේක්‍ෂක අයදුම්පත් 552,228 ක් ලැබී තිබිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *