නීතිගරුක මැතිවරණයක වගකීම පක්ෂ නායකයින්ගේ – කැෆේ

දේශපාලන

එළඹෙන මහ මැතිවරණය නීතිගරුක බවට පත් කරගැනීම සඳහා පක්ෂ නායකයින් සතු ව විශාල වගකීමක් ‌වෙතැයි කැෆේ සංවිධානය අවධාරණය කරයි.

ඒ් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සන්ධානගත ව තරග කිරීමට නියමිත අතර නාම යෝජනා ලබාදෙන අපේක්ෂකයින් නීතිගරුක මැතිවරණ ව්‍යාපාරයකට යොමු කරවා ගැනීමට ඒ ඒ පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් පැවසී ය.

එමෙන්ම මෙවර බොහෝවිට එකම පක්ෂයේ හෝ සන්ධානගත පක්ෂවල අපේක්ෂකයින් සහ ආධාරකරුවන් අතර ගැටුම් ඇතිවිය හැකි තත්තත්වයක් මතු විය හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි.

ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුද හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව ‌හෙතෙම සඳහන් කරයි.

සන්ධානගත දේශපාලන පක්ෂ තුළ ද විවිධ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයින් සිටින නිසා මෙවැනි තත්යක් අපේක්ෂා කළ හැකි බව ඔහු පෙන්වා ‌දේ.

මෙම ගැටුම් සහිත තත්ත්ව ආගම්වාදී, ජාතිවාදී ගැටුම් දක්වා වර්ධනය වීමේ අවදානමක් ද පවතින බව කැෆේ සංවිධානයේ අදහසයි.

ඉකුත් මැතිවරණ පිළිබඳ සලකා බැලීමේ දී මාධ්‍ය හා සමාජ මාධ්‍ය විසින් එල්ල කළ බලපෑම පිළිබඳ මෙවර වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි. මේ සම්බන්දයෙන් වන උපමාන මැතිවරණ කොමිසම විසින් හදුන්වා දුන්න ද එම උපමාන මායිම් නොතකා ඉකුත් මැතිවරණවලදී ජනමාධ්‍ය කටයුතු කළ බව ඔහු කියයි.

එබැවින් මෙවර මැතිවරණ සමය තුළ මාධ්‍ය භාවිතය සහ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විධිමත් සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බව කැෆේ සංවිධානය පෙන්වා දේ.

මහාා මැතිවරණය අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිත ව ඇති අතර එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්දු සමය නීතිවිරෝධි ප්‍රචාරක කටයුතු සහ ඡන්ද දායකයින්ට අල්ලස් දීම් වැනි කටයුතු පහසුවෙන් සිදුකිරීමේ අවස්ථා රැසක් සහිත සමයක් බව කැෆේ සංවිධාන‌ෙයේ අදහසයි.

මේ නිසා මෙවැනි ක්‍රියා පිළිබඳ තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් දිවයින පුරා යොදවන ස්වාධින නිරීක්ෂකයින් මඟින් ලබාගන්නා තොරතුරු අනුව වහා ක්‍රියාමාර්ග ගන්නා බවත් අහමඩ් මනාස් මකීන් සඳහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *