ඇඳිරි නීතිය කඩ කළ 03 දෙනෙක් අත්අඩංගුවට

රටතොට

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 03 දෙනෙක් නාවුක හමුදා භාරයට ගැනේ.

මාර්තු 29 වැනි දා ආරුගම්බේ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී ඔවුන් සිය භාරයට ගත් බව නාවුක හමුදාව කියයි.

රට තුළ පවතින ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීම සහ මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා දිවයිනට ම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ගිනිකොණ නාවුක විධානයට අනුයුක්ත නාවුක පිරිසක් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

යතුරු පැදි 03 කින් ගමන් ගනිමින් සිටි ඔවුන් වයස අවුරුදු 24, 35 සහ 39 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් සහ යතුරුපැදි ඉදිරි විමර්ශන සඳහා පොතුවිල් පොලිසිය වෙත භාර කර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *