ගොවි විශ්‍රාම වැටුප තැපැල් කාර්යාලයෙන්

රටතොට

ගොවි විශ්‍රාම වැටුප ගෙවනු ලබන්නේ තැපැල් කාර්යාල හරහා පමණක් බව තැපැල්පති රංජිත් ආරියරත්න කියයි.

ග්‍රාම නිලධාරී හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් මගින් නිවසට ම අදාල මුදල් රැගෙනවිත් භාරදෙන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ සාවද්‍ය පුවතක් ප්‍රචාරය වන බව ඔහු පෙන්වා දේ.

එහෙත් සිදුවන්නේ අදාල ගෙවීම් සියලු තැපැල් කාර්යාල මගින් ගෙවීමට සියලු කටයුතු සලසා තිබීම බව 05 වැනි දා රාත්‍රියේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ද අදාල ගොවීන් තැපැල් කාර්යාල කරා යොමුකරවීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා පවසයි.

රුපියල් 5000 ක් වන අදාල දීමනාව තැපැල් කාර්යාල මගින් එදින ලබාගත හැකි බව ඔහු අවධාරණය කර සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *