අපි සූදානම්!

හමුදා තොරතුරු

කොරෝනා අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව සූදානම් බව නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහතික වෙයි.

ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ නැංවෙන බැවින් විදේශිකයින් මෙරට ට පැමිණීමේ අවස්ථාව ඉහළ නැංවී ඇතැයි ඔහු පෙන්වා දේ.

එබැවින් යම් අනවසර සංක්‍රමණිකයින් පිරිසක් දිවයිනට ළඟා වනු දුටුවහොත් ඔවුන් ආරක්ෂාකාරී ව සිය මව්බිමට පිටත් කර හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි හෙතෙම විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් 10 වැනි දා පැවසී ය.

ඒ සඳහා දිවයින වටා මුහුදේ සහ වෙරළ තීරවල මුර සංචාර ඉහළ නංවා ඇති අතර, උතුරු, වයඹ, ඊසාන, නැගෙනහිර, බටහිර පළාත් පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරේ.

මේ සඳහා ගුවන් හමුදාවේ ද සහාය නාවුක හමුදාවට ලැබෙන බව ප්‍රකාශ කළ නාවුක හමුදාධිපතිවරයා, සැක සහිත හෝ නාඳුනන යාත්‍රා දුටුවහොත් ඒ පිළිබඳ දැනුවත් කරන මෙන් වෙරළාසන්නයේ ජීවත් වන ජනතාවගෙන් සහ ධීවරයින්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *