අවදානමක් නෑ කියන්න බෑ..!

උණුසුම් සෞඛ්‍යය

මේ වනවිට කොවිඩ් 19 වෛරසයේ සමාජ පැතිරීමක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි.

එහෙත් යම් යම් කොටස් අතර තවමත් එය සක්‍රිය ව පවතී.

සියලු ක්‍රියාදාම මගින් එය පාලනයට නතු කර ඇතැයි හෙතෙම පෙන්වා දේ.

එහෙත් එහි අරුත වෛරසයේ අවදානමක් නොවන බව නොවෙතැයි ඔහු පැවසී ය.

අප්‍රේල් 18 වැනි දා ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලයෙන් තමා උපුටා දක්වමින් ලංකාව තුළ කොරෝනා අවදානමක් නැතැයි පළ වූ පුවත පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් දක්වන ලදී.

යම් හෙයකින් රට යළි විවෘත කළ ද, වෛරසය ව්‍යප්තිය පාලනය පිළිබඳ ක්‍රියාත්මක වැඩපිළිවෙල අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට සිදු වන බව ඔහු පෙන්වා දේ.

මේ අතර එදින තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ තහවුරු කළේ ය.

ඒ අනුව ‍මේ වනවිට දිවයිනෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 248 ක් වේ.

ඉන් 03 දෙනෙක් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, 01 අයෙකු නිවසක ස්වයංනිරෝධායනයේ යෙදෙමින් සිටිය දී ද හඳුනාගනු ලැබ ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *