කොළඹට වැඩි අවධානයක්

සෞඛ්‍යය

අප්‍රේල් 19 වැනි දා වනවිට නිරෝධායනයට ලක් වූ 4143 දෙනෙකු අදාල කටයුතු නිමවා සිය නිවාස කරා ගොස් ඇතැයි යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එදින හඳනාගත් ආසාදිතයින් 15 දෙනා ම කොටහේන ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ සමීප ව ඇසුරු කළ පුද්ගලයින් බව ඔහු පෙන්වා දේ.

ආසාදිත තැනැත්තිය අප්‍රේල් 15 වැනි දා හඳුනාගත් අතර, අදාල සාමාජිකයින් 16 වැනි දා වනවිට නිරෝධායනය කිරීමට පියවර ගත් බව හෙතෙම පැවසී ය.

ඇගේ පවුලේ 10 දෙනෙකු ඒ අතර වෙති.

කෙසේවෙතත්, කොළඹ දිස්ත්‍රික්කය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවත්, ඉදිරියටත් එම දිස්ත්‍රික්කයට අත්‍යවශ්‍ය කරුණයකට හැර කිසිදු කෙනෙකුගෙ පැමිණීම බලාපොරොත්තු නොවන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වැඩිදුරටත් පැවසී ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *