පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක් වැසේ.

සෞඛ්‍යය

ඉන්දියාවේ මුම්බායි හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 166 දෙනෙකු මව්බිමට රැගෙන ඒ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ඒ අතර අධ්‍යාපනික කටයුතු සඳහා එහි ගිය යුද හමුදා සාමාජිකයින්, රජයේ සේවකයින් සහ සිසුන් වන බවයි.

ඔවුන් සියලු දෙනා 25 වැනි දා පස්වරුවේ ත්‍රිවිධ හමුදා යටතේ වන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ බව කොවිඩ් 19 ව්‍යප්තිය වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු පැවසී ය.

පුත්තලම සහිරා විද්‍යාලයේ පැවති නිරෝධායන මධ්‍යස්ථානයෙන් අදාල කටයුතු නිමවා 82 දෙනෙකු 24 වැනි දා පිට ව ගොස් ඇත්තේ පීසීආර් පරීක්ෂණ ද සිදු කිරීමෙන් අනතුරුවයි. මේ වනවිට විදුහලේ විෂබීජහරණ කටයුතු සිදු කෙරේ.

තවත් මධ්‍යස්ථාන 03 කින් 36 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය නිමවා එදින ම පිට ව ගොස් ඇති අතර, ඒ අනුව එදින 118 දෙනෙක් තම නිවාස කරා පිටත් ව ගොස් ඇති බව හමුදාපතිවරයා කියයි.

නිරෝධායන කටයුතු නිමවා අප්‍රේල් 25 වැනි දා වනවිට 4485 දෙනෙකු පිට ව ගොස් ඇති අතර, තවදුරටත් මධ්‍යස්ථාන 31 ක 2910 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *