පාස්කු ප්‍රහාරයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පොලීසියෙන්

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසන්නේ මැයි 03 වැනි දා පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් ගෙන්වා සිය අන්තවාදී මතවාද ප්‍රචාරය කිරීම පිණිස පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන මගින් අනාවරණ වී ඇත.

ඔහු කල්පිටිය 04 වැනි හරස් වීදියේ පදිංචිකරුවෙකි.

අදාල මධ්‍යස්ථානය එක් රාජ්‍ය නොවන සංවිධානයක නමින් පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකරු අදාල ආයතන 02 හි ම භාරකරු ලෙස කටයුතු කර ඇතැයි අනාවරණ වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *