ජනපති ලේකම් කළේ නිල ඉල්ලීමක්

දේශපාලන

රටේ පවතින තත්ත්වය මත ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන කියයි.

ජනාධිපතිවරයා සිය රාජකාරි අරඹන්නේ ව්‍යවස්ථා නීති කඩ කරමින් බව ඔහු පැවසී ය.

මේ වනවිට රජය නිවැරදි තොරතුරු සඟවමින් කටයුතු කරන බව විපක්ෂ නායක කාර්යාලයේ 08 වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම පෙන්වා දේ.

එහෙත් ජනතාවට සැබෑ හා සත්‍ය තොරතුරු ලබාදීමට රජයේ සියලු ආයතන බැඳී ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.

විශාල ජාතික ධනයක් වැය කර සැකසූ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය වත්මන් රජය නොසලකා හැර ඇති බවත්, එය ක්‍රියාත්මක කළේ නම් පවතින තත්ත්වය පාලනය කළ හැකි බවටත් හෙතෙම විශ්වාසය පළ කළේ ය.

ඉකුත් දා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර රාජ්‍ය සේවකයින්ගෙන් කළ ඉල්ලීම නිල ඉල්ලීමක් බව ඔහු කියයි.

එහි අරුත රජයේ සේවකයා පිළිබඳ ජනතාව අතර අගතිගාමී මතයක් නිර්මාණය බව හෙතෙම පෙන්වා දේ.

ඒ වනවිට වැටුප් අර්බුදයක සිටි රාජ්‍ය සේවකයා අනාගතයේ සිදු කරන වෘත්තීය අරගල විනාශ කිරීම එහි අරමුණ බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *