නාවුකයින් 121 දෙනෙකුට සුවයි.

සෞඛ්‍යය හමුදා තොරතුරු

කොවිඩ් – 19 ආසාදනය වූ නාවුක හමුදා සාමාජිකයින් ගණන 121 දක්වා ඉහළ නැංවී ඇතැයි නාවුක හමුදාව කියයි.

තවත් ආසාදිත 59 දෙනෙකු වෛරසය අදාල ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු වීමෙන් අනතුරුව මැයි 13 වැනි දා රෝහල් වෙතින් මුදා හැර ඇත.

සියල්ලෝ ම රෝහල්ගත ව සිටි පිරිස වෙති.

ඉන් 44 දෙනෙක් නාවුක හමුදා මහ රෝහලෙහි ද, 05 ක් හෝමාගම රෝහලෙහි ද, 03 දෙනෙක් මුල්ලේරියාව රෝහලෙහි ද, තවත් 03 දෙනෙක් අයිඩීඑච් රෝහලෙහි ද, 02 දෙනෙක් වැලිකන්ද රෝහලෙහි ද, තවත් 02 දෙනෙක් ඉරණවිල රෝහලින් ද ප්‍රතිකාර ලබා ගත් හ.

ඔවුන් 59 දෙනා ද ඇතුළු ව මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල්ගත කල සමස්ත නාවුක හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් 121 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් ව ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත් ව ගිය ද අදාල සියලු නාවුකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *