ධීවර යාත්‍රා ආරක්ෂිතයි.

විශේෂ

ඉකුත් දිනවල ගැඹුරු මුහුදේ ඇති වූ කුණාටු තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියානු වෙරළ දෙසට යාත්‍රා කළ ධීවර යාත්‍රා මව්බිමට ළඟා වීම අරඹා ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියයි.

රේඩියෝ තරංග මගින් ලබාදුන් උපදෙස් මත එසේ ගමන්කිරීම හේතුවෙන් සිදුවීමට ඉඩ තිබූ මහා ව්‍යසනයක් වැළැක්වුණු බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දේ.

හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්වලින් ධීවර කටයුතු සඳහා පිටත් වූ අදාල ධීවර යාත්‍රාවල පුද්ගලයින් 180 දෙනෙකු පමණ වන බව උක්ත නිවේදනයේ සඳහන් ය.

මව්බිමට පැමිණෙන අතර ඉන්ධන අවශ්‍යතාවක් මතුවුවහොත් සැපයීම පිණිස යාත්‍රා මව්බිම දෙසට පැමිණෙන මුහුදු මාර්ගය වෙත කුඩාවැල්ල ධීවර වරායේ සිට යාත්‍රා කිහිපයක් පිටත් කර තිබේ.

ඊට අමතර ඔවුන්ගේ ආරක්ෂාවට සහ අවශ්‍ය සහාය පිණිස නාවුක හමුදා යාත්‍රාවක් ද 21 වැනි දා එදෙසට ගමන් කරවීමට නියමිතයි.

RSS
Follow by Email
Facebook
Google+
https://lakdana.lk/2020/05/20/%e0%b6%b0%e0%b7%93%e0%b7%80%e0%b6%bb-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *