විභාග කාලසටහන වැරදියි!

අධ්‍යාපන

සමාජ ජාලා මාධ්‍යවල හුවමාරු වන අපොස උසස්පෙල විභාග කාලසටහන අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.

මෙවර උසස්පෙල විභාගය පැවැත්වෙන දින ඇතුළත් ව එය සකසා තිබේ.

කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ උසස් පෙල විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව පමණක් නිකුත් කරන නිල නිවේදන පිළිගත යුතු බව ය.

පවතින අවදානම්සහගත තත්ත්වය හමුවේ ජනතාව නොමග යවන මෙවන් ප්‍රචාර පිලිබඳ හෙතෙම සිය කණස්සල්ල පළ කරයි.

එසේ ම අදාල සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් තමා තැපැල් හා විදුලි සංදේශ කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
https://lakdana.lk/2020/05/25/%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1-%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *