නාවුකයින් 344 කට සුවය

හමුදා තොරතුරු

කොවිඩ් – 19 සුව වූ තවත් නාවුක සාමාජිකයින් 12 දෙනෙක් රෝහල්වලින් පිට ව යති.

වෛරසය ඔවුන්ගේ ශරීර තුළ නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු වීමෙන් අනතුරුව මැයි මස 26 වැනි දා ඔවුන් රෝහල්වලින් නිදහස් කර තිබේ.

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සඳහා ඔවුන් රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකු නාවුක මහ රෝහලින් ද, 02 දෙනෙකු මිනුවන්ගොඩ මූලික රෝහලින් ද ප්‍රතිකාර ලබා ගත් හ.

ඒ අනුව ප්‍රතිකාර ලබන කාලය තුළ වරින් වර සිදු කළ පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රතිඵල මත අදාල වෛරසය තවදුරටත් එම නාවුකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වී තිබේ.

ඔවුන් 12 දෙනා ද ඇතුළු ව මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල්ගත කළ සමස්ත නාවුක හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් 344 දෙනෙක් සුවය ලබා රෝහල් වෙතින් පිටත් ව ගොස් ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *