අකිලට විරුද්ධවයි විනය පරීක්ෂණ ඕනෙ

දේශපාලන

සමගි ජනබලවේගය සමග එක් ව සිටින පිරිසට එරෙහි විනය පරීක්ෂණ තැබීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ කියයි.

සමගි ජන බලවේගය කටයුතු කර ඇත්තේ මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකමතික ව සම්මත කළ කාරණාවලට අනුගත ව බව ඔහු පෙන්වා දේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව ප්‍රකාරව කටයුතු කරන තම පිලට එරෙහි විනය පරීක්ෂණ තබනවා වෙනුවට සිදුවිය යුත්තේ එම තීන්දුව කඩ කළ අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීම බව ද හෙතෙම පැවසී ය.

නීතිය දන්නා එජාප මහලේකම්වරයා නීතිය නොදන්නවා සේ හැසිරීම ගැන කණගාටු වන බවත් මේ මැතිවරණයෙන් පසුව එජාපයෙන් තිදෙනෙකු පමණ පාර්ලිමේන්තුවට පත්වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්, පාක්ෂිකයින් ඇතුළු අති බහුතරය සමගි ජනබලවේගය සමග වන බව 27 වැනි දා සමගි ජනබලවේගය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් හෙතෙම ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *