දින 03 ක් රට පුරා ඇඳිරි නීතිය

උණුසුම්

එළඹෙන සතියේ දින 03 ක් මුළු දිවයිනට ම ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ඒ අනුව,මැයි 31 වැනි ඉරිදා, ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දිවයිනේ සියලු දිස්ත්‍රික්වල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

ජූනි 01 වැනි සඳුදා සිට ජූනි 03 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය බල පැවැත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා ය.

ජූනි 06 වැනි සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්වල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය නැවතත් පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා ක්‍රියාත්මකයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *